(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව අරබයා අන්තර් ක්‍රියාකාරි සංවාදයේදී රටවල් 45න් 31ක් ශ්‍රී ලංකාවට සහාය දක්වමින් සිය අදහස් ඉදිරිපත් කර තිබේ.
පසුගිය (04) දා සභාගත කරන ලද මෙම වාර්තාව සම්බන්ධයෙන් වූ විවාදයේදී මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 45න් 31ක් ශ්‍රී ලංකාවට සහාය දක්වමින් සිය අදහස් ඉදිරිපත් කර තිබෙන අතර, මධ්‍යම ආසියානු, අප්‍රිකානු සහ ඊසාන දිග ආසියානු රටවල් ද ඊට අයත් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සවුදි අරාබිය, ඊජිප්තුව, පිලිපීනය, නේපාලය, කෙන්යාව, ඉතියෝපියාව, මාලදිවයින, චීනය, කියුබාව, ජපානය, සිරියාව, වියට්නාමය, වෙනිසියුලාව, නයිජීරියාව, පාකිස්තානය, කාම්බෝජය, රුසියාව, ලෙබනනය, උගන්ඩාව, බෙලරුසය, සිම්බාබ්වේ, එරිත්‍රියාව, දකුණු සුඩානය, ලාඕසය, යේමනය, ඉරානය, නයිජර්, කසකස්තානය, බංග්ලාදේශය, අසර්බයිජානය සහ උතුරු කොරියාව ඒ රටවල් අතර වෙයි.
ජාතික වැඩපිළිවෙළක් යටතේ නීතිමය ප්‍රතිසංස්කරණ මඟින් සහජීවනය ඇති කිරීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ රටවල් සියල්ල ප්‍රසාදය පළ කර තිබෙන අතර, තොවිඩ් 19 වසංගත තත්ත්වයක් පවතින මෙවන් අවස්ථාවක එවැනි වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සතුටු වන බවද ප්‍රකාශ කර ඇත.