මගී ප්‍රවාහන ලංගම බස් රථයක් හදිසියේ ගිනි ගනී

(කොළඹ, ලංකාපුවත්) –දඹුල්ල අනුරාධපුර මාර්ගයේ බුලාගල ප්‍රදේශයේදී මගීන් ප්‍රවාහනය කරමින් තිබූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් හදිසියේ ගිනිගැනීමට ලක්ව ඇත.

ඊයේ(17) රාත්‍රී කාලයේ දී බස් රථය මෙලෙස ගිනි ගෙන ඇති බව පොලිසිය පවසයි.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

දඹුල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *