ගෑස් බෙදීම යළි ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර එක් ලක්ෂ 20,000ක් සැපයීම අද(18) සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම සදහන් කරයි.

මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබූ නෞකාවේ මෙට්ට්‍රික් ටොන් 3,500ක ගෑස් තොගය ඊයේ පස්වරුවේ සිට ගොඩ බෑම ආරම්භ කෙරිණ.

ඒ අනූව ගෘහස්ථ පරිභෝජනයට අලෙවි සැල් වෙත ගෑස් තොග බෙදාහැරීම අද උදෑසන සිට සිදුකිරීමට නියමිතය.

කිලෝග්‍රැම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දෛනික අවශ්‍යතාව 80,000ක් පමණවේ. එය සම්පූර්ණ කිරීමට ගෑස් මෙට්ට්‍රික් ටොන් 1,100ක් පමණ අවශ්‍යවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *