“ගුරු අභිමානි” – පෙර පාසල් ගුරුවරුන් සඳහා සහතිකපත් ප්‍රදානය

(කොළඹ, ලංකාපුවත්) – 2022 ජාත්‍යන්තර කාන්තා දින ජාතික වැඩසටහනට සමගාමීව පැවැත්වෙන “ගුරු අභිමානි” – පෙර පාසල් ගුරුවරුන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමමේ උත්සවය මාර්තු මස 9වන දින සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේදී කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

බ්‍රිතාන්‍යයේ Spinnaker ආයතනය හා London School of Executive Education ආයතනය බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාල සමග එක්වී පෙර පාසල් ගුරුවරුන් 600 දෙනෙකු වෙත ශිෂ්‍යත්ව පිරිනැමුනු අතර එහි පලමු අදියරේ ඩිප්ලෝමා පාඨමාලා සාර්ථකව නිමකල පෙර පාසල් ගුරුවරුන් 378 දෙනෙකුට හා පෙර පාසල් ප්‍රධාන පුහුණුකරු ඩිප්ලෝමා සාර්ථකව නිමකල 25 දෙනෙකුට ඩිප්ලෝමා සහතික පත්‍ර පිරිනැමීම රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමන්ගේ සුරතින් සිදුවිය. මීට අමතරව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ජාතික අධ්‍යන ආයතනයේ පෙර පාසල් පාඨමාලා සඳහා තෝරා ගත් 20 දෙනෙකු සඳහා තෝරා ගැනීමේ ලිපි ප්‍රධානය ද රාජ්‍ය අමාත්‍යවරයාගේ සුරතින් සිදුවිය.

විපක්ෂය සාම්ප්‍රදායික විපක්ෂයේ කාර්යභාර්ය ඉටු කිරීම සඳහා පටු දේශපාලන අරමුණු අරඹයා අධ්‍යාපනය, ගුරුවරුන් වෙනුවෙන් කිඹුල් කදුලු හෙලමින් ගෑස් පොහොර, තෙල් පිලිබඳව කතා කලද කාන්තාවන්, පෙර පාසල් ගුරුවරුන්, දරුවන් වෙනුවෙන් කරගෙන යන දැවැන්ත වැඩ පිළිවෙල පිලිබඳව කතා නොකිරීම කනගාටුවට කරුණක් බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය. පෙර පාසල් ගුරුවරුන් ගෝලීය දැනුමින් සන්නද්ධ කොට විශ්ව ගුරුවරුන් බවට පත්කිරීම තම අභිප්‍රාය බවත් ඒ සඳහා ජාත්‍යන්තර දැනුම හා අත්දැකීම් ගුරුවරුන්ට ලබා දීමට හැකිවීම පිළිබඳව තමන් නිහතමානීව සතුටු වෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කලේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගම මහතා, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් කුමාරි ජයසේකර මහත්මිය ඇතුළු නිලධාරීන්, C.E.O, London School of Executive Education චමින්ද ද සිල්වා මහතා, ආශිශ් මහතා Academic Director London School of Executive Education ඇතුළු නිලධාරීන් ඇතුළු පිරිසක් එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *