LIOC ඉන්ධන මිල සංශෝධනයක්

(කොළඹ, ලංකාපුවත්) – ලංකා ඉන්දියන් තෙල් සමාගම(LIOC) ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් ඉහළ යන අතර පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ යනු ඇත.

ඒ අනුව IOC පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 254 ක් වන අතර ඩීසල් ලීටරයක නව මිල රුපියල් 214කි.

පසුගිය මාසයේ අවස්ථා දෙකකදී ද ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගත්තේය. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඉන්දියන් තෙල් සමාගම පැවසුවේ, රටේ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දැමීම සදහා මෙතෙක් තීරණය කර නොමැති බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.

මේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඩීසල් ලීටරයක් රුපියල් 121 කට අලෙවි කරන අතර 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 177ක මුදලට අලෙවි කරනු ලබයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *