ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය- 2021 ප්‍රතිඵල ඊයේ (13) රාත්‍රී නිකුත් කිරීමට විභාගය දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිස නිවැරැදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකිය. එසේම, ප්‍රතිඵල සටහන බාගත කර මුද්‍රිත පිටපතක් ද ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ දී දිස්ත්‍රික් තරාව (District Rank) හෝ දිවයින් තරාව (Island Rank) නිකුත් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව නිව්දෙනය කරයි. අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව දිස්ත්‍රික්කය හා මාධ්‍ය අනූව අදාළ කඩයිම් ලකුණු සඳහන් කෙරෙනු ඇති.

අදාළ ප්‍රතිඵල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාලාවේ දුරකථන අංක ලෙස – 011-2784208 / 0112784537 / 011-2786616 යන අංක ඇමතිය හැකියි.

කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය නම් 2022.03.31 දින දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *