මුදල් ඇමති බැසිල් ඉන්දියාවට

(කොළඹ, ලංකාපුවත්) – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත් වී තිබේ.

ඔහු සමග එම සංචාරය සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්, එස්. ආර් ආටිගල මහතා ද එක්වී සිටි බව අප වාර්තාකරු පැවසීය.

මේ අතර පසුගිය දිනක ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට මුදල් අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පැමිණෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *