රුසියාවේ රාජ්‍ය රූපවාහිනී ප්‍රවෘත්තිවලට කඩා පැන්න කාන්තාව

(කොළඹ, ලංකාපුවත්) – යුද විරෝධතාකාරියක රුසියාවේ රාජ්‍ය රූපවාහිනී නාලිකාවේ ඊයේ(14) සජීව සන්ධ්‍යා ප්‍රවෘත්ති වැඩසටහනකට බාධා කරමින් මැදිරියට පැමිණ ප්‍රවෘත්ති නිවේදිකාව පිටුපස පුවරුවක් අල්ලාගෙන යුක්‍රේන යුද්ධය හෙළා දකිමින් සටන් පාඨ ප්‍රකාශ කිරීමේ සිද්ධියක් වාර්තාවේ.

යුක්‍රේනයට එරෙහිව රුසියාව ගෙනයන යුද්ධයට ඇය විසින් මෙම බාධා කිරීම සිදු කර ඇත.

ඉංග්‍රීසි සහ රුසියානු භාෂාවෙන් එම පුවරුවේ මෙසේ සඳහන් විය: “යුද්ධයක් නැත. යුද්ධය නවත්වන්න. ප්‍රචාර විශ්වාස නොකරන්න. ඔවුන් ඔබට මෙහි බොරු කියනවා.” “යුද්ධයට එරෙහි රුසියානුවන්” වැනි වාක්‍ය එහි තිබුණි. තවත් වාක්‍ය අර්ධ වශයෙන් පෙනුනද ඒවා පැහැදිලිව නොපෙනී ඇත.

ප්‍රවෘත්ති නිවේදිකාව ටෙලිප්‍රොම්ප්ටරයෙන් කියවමින් සිටි අතර අදාළ කාන්තාව කෑගසනු ඇසෙන්නට විය.

අනතුරුව එම නාලිකාව මැදිරි දර්ශන ඉවත් කර වෙනත් පෙළක් වෙත මාරුවුවද තත්පර කිහිපයක් විරෝධතාකාරියගේ සටන්පාඨ ඇසීමට හැකිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි, සිය රාත්‍රී වීඩියෝ දේශනයේදී මෙකී විරෝධතාකාරිය මතක් කර ස්තූති කිරීමක් ද කර තිබේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *