මහබැංකු අධිපතිට ඉල්ලා අස්වන්නැයි ප්‍රකාශ නොකළ බව ජනපති අවධාරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉවත් කරන ලෙස තමා දැනුම් දුන් බවට පළ වී ඇති මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (17) පැවසීය.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කෙරෙහි තමාගේ උපරිම විශ්වාසය ඇති අතර, රට මුහුණ දෙන බරපතළ ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රබල ශක්තියක් ලෙස ඔහු ක්‍රියා කරන බව ද එහි සඳහන් කර ඇත.

IMF දූත පිරිස, නිලධාරීන් ගැන සාකච්ඡා නොකළ අතර, මහ බැංකු අධිපති කබ්රාල් මහතා ද සහභාගි වූ එම හමුවේදී සාකච්ජාවට ලක් වූයේ මුල්‍යමය ගැටලු පිළිබඳ පමණි.

මෙවැනි අසත්‍ය සහ ව්‍යාජ වාර්තාවලින් අධෛර්යයට පත් නොවන ලෙසත් රටේ ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ඔහුගේ සියලු වැදගත් කාර්යයන් අඛණ්ඩව ඉටු කරගෙන යන ලෙස ජනපතිවරයා විසින් මහ බැංකු අධිපති කබ්රාල් මහතා වෙත පෞද්ගලිකව දන්වා ඇතැයි ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *