ආයෝජන රැසක් සමඟින් ඉන්දීය ආයෝජකයින් පිරිසක් ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බැලීමට පැමිණි 14 දෙනෙකුගෙන් යුක්ත ඉහළ පෙළේ ඉන්දිය ආයෝජක පිරිසක් අද (21) කර්මාන්ත අමාත්‍යාංශයේදී කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක මහතා හමුවිය.

ඇඟළුම්, කාෂි කාර්මික, රොබෝ තාක්ෂණය, ඩ්‍රෝන තාක්ෂණය, ගෘහ ආරක්ෂිත උපාංග නිෂ්පාදනය වැනි විවිධ ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් පැමිණි මෙම ආයෝජක පිරිස තමන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමති බව අමාත්‍ය එස්. බී. දිසානායක මහතාට දන්වා සිටියේය.

මෙහිදී අමාත්‍ය එස්. බී. දිසානායක මහතා මෙම ඉන්දීය ආයෝජක පිරිස ඉතා සාදරයෙන් ශ්‍රී ලංකාවට පිළිගන්නා අතර ශ්‍රී ලංකාව විදේශ ආයෝජකයින් සඳහා දොරටු විවර කර ඇති බවත් ඔවුන්ට අවශ්‍ය සියළුම පහසුකම් තම අමාත්‍යාංශය මැදිහත්වීමෙන් ඉතා කඩිනමින් සලසාදෙන බවත් පැවසීය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් දයා රත්නායක මහතාද සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *