ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු හෙවත් IDD ගාස්තු ඉහළ දමා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් IDD ගාස්තු ඉහළ නැංවීමට තීරණය කළ බවට අදාළ දුරකථන සමාගම් විසින් එම කොමිසමට දැනුම් ඇත.

ඒ අනුව, ඩොලරයේ වෙනස්වීම අනුව IDD ගාස්තු ඉහළ නැංවීමට අදාළ සමාගම් වෙත බලය පවරා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවසීය.

කෙසේවෙතත් දේශීය ඇමතුම් ගාස්තු ඉහළ නැංවීමක් සිදුනොවන බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *