ලොව අංක එකේ ටෙනිස් ශූරිය හදිසියේ ක්‍රීඩාවෙන් සමුගනී

(කොළඹ, ලංකාපුවත්) – ලොව අංක එකේ ටෙනිස් ශූරියවන ඔස්ට්‍රේලියාවේ ඈෂ්ලී බාර්ටි වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර ඇත.

ඇයගේ මෙම තීරණයෙන් ක්‍රීඩාලෝලීන් පුදුම වී ඇති බවත් කම්පනයට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේවන විට 25වැනි වියෙහි පසුව බාර්ටි, සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර ඇත්තේ වෙනත් ක්ෂේත්‍රයන් හි අවස්ථා උරගා බැලීම සඳහා තමා එම තීරණය ගන්නා බවයි.

ඇය සිය පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව 2019 දී ප්‍රංශ තරගාවලියේදී දිනා ගත්තාය. එතැන් සිට ඇය ලොව අංක එකේ ටෙනිස් ශූරිය ලෙස ශ්‍රේණිගත ලැයිස්තුවේ පසුවුණාය.

පසුගිය වසරේ විම්බ්ලෙඩන් තරගාවලියේ ජය හිමිවුඋයේ බාර්ටි ටය.

එසේම පසුගිය ජනවාරි මාසයේ ඔස්ට්‍රේලියානු විවෘත කාන්තා ටෙනිස් ශූරතාවය ද ඇය සතුවිය.

වසර 44ක් තුළ ඔස්ට්‍රේලියානු විවෘත කාන්තා හෝ පිරිමි ශූරතාවය දිනාගත් පළමු ඔස්ට්‍රේලියානු ජාතිකයා ඇය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *