SLT-MOBITEL ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව ආසන වෙන් කරවා ගැනීමේ වෙබ් අඩවියක් සහ ජංගම යෙදවුමක් හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග දශකයකට ආසන්න කාලයක් පවත්වාගෙන ආ තාක්ෂණික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මාර්ගගත ක්‍රමයට දුම්රිය ආසන වෙන්කරවා ගැනීම සඳහා වෙබ් අඩවියක් (https://seatreservation.railway.gov.lk) සහ ජංගම යෙදවුමක් හඳුන්වා දෙමින් මාර්තු මස 21 වනදා සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේය.

2009 වසරේදී දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම සඳහා ප්‍රථම වරට ජාතික මට්ටමේ සේවාවක් හඳුන්වා දීම සඳහා දායකත්වය ලබාදුන්නේද SLT-MOBITELවනඅතර,මින් ඉදිරියට මගීන්ට ලොව ඕනෑම තැනක සිට ශ්‍රී ලංකාවේ දුම්රිය ආසන වෙන්කරවා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

මීටපෙර, ප්‍රවේශපත්‍ර වෙන් කරවාගැනීමේ සේවාව හඳුන්වා දුන් අවස්ථාවේදී මගීන්ට ප්‍රථමවරට දුරකථනය ඔස්සේ හෝ කවුන්ටරයෙන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට අවස්ථාව ලැබිණි.

එමෙන්ම එය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලි ඩිජිටල්කරණය කිරීම සඳහා ගත් පුරෝගාමී පියවරක්ද විය.

මධ්‍යගත ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ ක්‍රමවේදය නිසා සියලුම දුම්රිය මාර්ගවලට අදාළ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට මගීන්ට අවස්ථාව හිමිවේ.

එමෙන්ම මගීන්ට වඩාත් හොඳ සේවාවක් ලබාදීම සඳහා මෙම සේවාව අනෙකුත් දුරකථන සේවා සම්පාදක සමාගම් වෙතද ව්‍යාප්ත කරන ලදි.

මෙම වැඩිදියුණු කිරීම් වලින් අනතුරුව ළඟදීම එම පද්ධතිය හරහා විද්‍යුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමටත්, QR කේත මගින් එම ප්‍රවේශපත්‍ර තහවුරු කිරීමටත් හැකියාව ලැබෙන නිසා දුම්රිය දෙපාර්තමේන්තුව තුළ කඩදාසි භාවිතයද අවම වනුඇත. මෙය මගීන්ට වැඩි පහසුවක් සලසන අතරම කාර්යක්ෂමතාව වැඩි කරමින් වියදම් අවම කරන පියවරකි. ආසන වෙන්කිරීමේ අවස්ථාව ලබාදීඇති ගමනාන්ත සහ දුම්රිය වල පළමු පන්තියේ නැරඹුම් මැදිරි, දෙවැනි පන්තිය සහ තුන්වැනි පන්තිය සඳහා යාමට මෙන්ම යාමට සහ ඒමට, සරල පියවර කිහිපයක් මගින් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට මගීන්ට හැකියාව ලැබේ. Visa, MasterCard සහLankaQR ඇතුළුව ක්‍රමවේදයන් කිහිපයක් ඔස්සේ මේ සඳහා ගෙවීම් කළ හැකි අතර, ළඟම පිහිටි mTicketing සේවාව සහිත දුම්රිය ස්ථානය වෙත පැමිණ, ප්‍රවේශ පත්‍රයේ යොමු අංකය සමග ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම මගින් වෙන්කරවාගත් ප්‍රවේශපත්‍ර ලබාගත හැක.

ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා ලෙස, SLT-MOBITEL ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන ශෛලිය තවදුරටත් ඉහල නංවමින් මෙරට සමස්ත ආර්ථිකයේ සහ සමාජයීය වර්ධනයේ උන්නතිය උදෙසා කැපී පෙනෙන දායකත්වයක් ලබාදෙන ජාතික මට්ටමේ ව්‍යාපෘති දියත් කිරීමට ප්‍රමුඛතාව ලබාදෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *