යූනියන් ඇෂුවරන්ස් මෙරට බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම රැකියා ස්ථාන 10 අතරට නම්කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම රැකියා ස්ථාන 10 අතරට නම් කර තිබේ. කාර්ය මණ්ඩලය සවිබල ගන්වන ඵලදායී රැකියා පරිසරයක් පවත්වාගෙන යාම වෙනුවෙන් මෙම නම් කිරීම සිදුකර ඇත්තේ ‘Great Place to Work’ (GPTW) ආයතනය මගිනි. GPTW ආයතනය මෙම කාණ්ඩය යටතේ සමාගම් හා ආයතන ඇගයීමට ලක් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා ප්‍රකාශ කළේ මෙම ජයග්‍රහණය පිළිබඳව තමන් ආඩම්බර වන බවයි. යූනියන් ඇෂුවරන්ස් සමාගම සැබැවින්ම රැකියාව කිරීමට සුදුසුම ස්ථානයක් බවට පත්කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් වල සාර්ථකත්වය හේතුවෙන් මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට හැකිවූ බව ඒ මහතා පැවසී ය.

“අපගේ සාමාජික සාමාජිකාවන්ට තම රැකියාව වඩාත් ප්‍රසන්න අත්දැකීමක් බවට පත්කිරීම සඳහා අප නිරන්තරයෙන් විවිධනිර්මාණශීලීවැඩසටහන්ක්‍රියාවටනංවනවා. මෙය සමාගමේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු වීමට සුවිශාල දායකත්වයක් දක්වන සාධකයක්.

මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීමට කාර්ය මණ්ඩලයෙන්ලැබෙනදායකත්වයත්ප්‍රශංසනීයයි.සේවක දායකත්වය උපරිමයෙන් ලබාගන්නා අතරම නවෝත්පාදනයට ඉඩකඩ සලසන ප්‍රතිපත්ති හා ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීම මෙම සාර්ථකත්වයට පදනම් වූ තවත් හේතුවක්. අපගේසාමාජික සාමාජිකාවන් සවිබල ගැන්වීම සඳහා අප විශාල අවධානයක් යොමුකර තිබෙනවා.” ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජූඩ් ගෝම්ස් මහතා කියා සිටියේ, COVID-19 රෝගව්‍යාප්තියආරම්භවූපසුව,කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා දුරස්ථ ක්‍රමයට රාජකාරි කළ හැකි ඩිජිටල් යටිතල පහසුකම් ස්ථාපිතකිරීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම නොපමාව පියවර ගත් බවයි.

“අනාගතය ගැන සිතන රක්ෂණ සමාගමක් වශයෙන්, එවකට පැවති තත්ත්වය හමුවේ කාර්ය මණ්ඩලයට සිදුවීමට ඉඩ තිබූ බලපෑම අවම කිරීම සඳහා අප ඉක්මනින්ම පියවර ගත්තා. නිවසේ සිට රාජකාරි කිරීමේ ක්‍රමවේදය දැන් සමාගම තුළ බහුලව භාවිතා වනවා. එහිදී කාර්ය මණ්ඩලයට නම්‍යශීලී කාලසීමාවන් යටතේ රාජකාරි කිරීමට පුළුවන්. මේ නිසා ප්‍රතිඵල වලට මුල්තැන හිමිවන රැකියා සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපට හැකි වුණා.”

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ඉම්ටියාස් අනිෆ් මහතා කියා සිටියේ, යූනියන් ඇෂුවරන්ස් යනු සාමාජික සාමාජිකාවන්ට තම උපරිමය ළඟා කරගැනීමට අවශ්‍ය පසුබිම සලසා දෙන ආයතනයක් බවයි. විවිධක්‍රමවේදයන් ඔස්සේ කාර්ය මණ්ඩලය ඇගයීමට ලක්කිරීමටත්, ඔවුන්ට විවිධාකාරවූප්‍රතිලාභ පිරිනැමීමටත් කටයුතු යොදා ඇති බවද ඒ මහතා පැවසී ය. මේ අතරට නව ඉගෙනුම් හා පුහුණු අවස්ථා ලබාදීම, රාජකාරි ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර සමබරතාව පවත්වාගැනීමට අත්වැලක් වීම සහ නිර්මාණශීලීත්වය හා නවෝත්පාදනය දිරිගන්වන රැකියා පරිසරයක් පවත්වාගෙනයාමද ඇතුළත් වේ.
“සමාගමේ සැබෑ හරය නිරූපණය කරන්නේ කාර්ය මණ්ඩලයයි. සාමූහිකත්වය ඔස්සේ එකම අරමුණක් කරා ගමන් කිරීම නිසා අපට මෙවැනි සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට හැකි වුණා. අපගේ කණ්ඩායම් හැඟීම සමස්ත සමාගම පුරාම විහිදුණු එකක්. එය අපට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජීවිත රක්ෂණ සමාගමක් බවට පත්වීමට මහෝපකාරී වී තිබෙනවා.” ඉම්ටියාස් අනිෆ් මහතා පැවසී ය.

කාර්ය මණ්ඩලයේ වෘත්තීය හා පෞද්ගලික දියුණුව ඉලක්ක කරගෙන උපදේශන වැඩසටහන්, කුසලතා සංවර්ධන වැඩසටහන් සහ සම්මාන වැඩසටහන් ඇතුළු වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම පියවර ගෙන තිබේ. මේසියල්ලඔස්සේ කාර්ය මණ්ඩලය සවිබල ගන්වමින්, සමාගමේඉදිරිගමනට ඔවුන්ගේ දායකත්වය උපරිමයෙන් ලබාගැනීමට සමාගම සමත් වී ඇත.

එමෙන්ම කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන්ද සමාගම දැඩි අවධානයක් යොමුකරයි. COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ සමාගම කටයුතු කළ ආකාරය මීට මනා උදාහරණයකි. එම කාලසීමාව තුළ මතුවූ අභියෝග හා අවිනිශ්චිතතා හමුවේ තම සාමාජික සාමාජිකාවන්ට හැකි උපරිමයෙන් සහයෝගය ලබාදීමට සමාගම කටයුතු කළේ ය. කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට හෝ සාමාජිකාවකට රෝගය වැළඳී ඇති බව තහවුරු වූ විට, ඔහුට හෝ ඇයට අවශ්‍ය උපරිමසහයෝගය ලබාදීමට කටයුතු කරන ලදි. මෙය අතිශය දුෂ්කර කාලසීමාවක් තුළ ඔවුන්ගේ සිතේ සැහැල්ලුව ඇතිකළ ප්‍රධානතම සාධකයක් විය.

තවද සුදුසුකම් ලත් මනෝ උපදේශකවරුන්ගේ දායකත්වය සමගින්, පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි මනෝ උපදේශන සේවාවන් ලබාදීමටද පියවර ගන්නා ලදි. පරීක්ෂණ, වෛද්‍ය උපදෙස් සහ රෝහල්ගත කිරීම් ආදිය සම්බන්ධ තොරතුරු හා සහය ලබාදීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දීම සිදු වූ අතරම රෝගය වැළඳුණු සාමාජික සාමාජිකාවන්ටත් ඔවුන්ගේ පවුල් වලටත් සුවතා හා සත්කාර පැකේජ පිරිනමන ලදි. මේ සියල්ල, ඔවුන් එම කාලසීමාව තුළ අත්විඳි ආතතිය සමනය කිරීමට මහෝපකාරී විය.

තවද කලින් කලට විවිධ තේමාවන් යටතේ සෞඛ්‍ය හා සුවතා සැසි සංවිධානය කිරීමටද යූනියන් ඇෂුවරන්ස් සමාගම කටයුතු කරයි. එමෙන්ම කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන්ට එකට එක්වී විනෝදවීම සඳහා දුරස්ථ පදනමක් වශයෙන් ‘Happy Hours’ වැඩසටහන හඳුන්වා දී තිබේ. මාසිකව සංවිධානය කෙරෙන මෙම වැඩසටහන, නිවසේ සිට රාජකාරි කරන සාමාජික සාමාජිකාවන්ට තම වෘත්තීය සගයන් සමග සම්බන්ධ වී එම හිතවත්කම් අලුත් කරගැනීමට ලැබෙන මහඟු අවස්ථාවකි.

පශ්චාත්-COVID-19 ලෝකයේ නවජීවනරටාවන්ට සාර්ථක ලෙස අනුගත වීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම සමත් වී තිබේ. කාර්ය මණ්ඩලයට කණ්ඩායම්, දෙපාර්තමේන්තු හා ආයතනික මට්ටම්වලින්එක්වකටයුතුකිරීම සඳහා පදනම් කිහිපයක් හඳුන්වා දී ඇති අතර, දුරස්ථ ක්‍රමයට රාජකාරි කිරීමට සිදු වුවද තම සාමාජික සාමාජිකාවන්ගේ උද්‍යෝගය නොවෙනස්ව පවත්වා ගැනීමට සමාගම පියවර ගෙන ඇත. කාර්තුවකට වරක් සමාගමේ නවතම තොරතුරු සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය දැනුවත් කරන Town-hall වර්ගයේ රැස්වීම් සහ Happy Hour වැනි වැඩසටහන් කාර්ය මණ්ඩලයේ සුහදත්වය වර්ධනය කරයි. රැකියාව විනෝදමත් අත්දැකීමක් බවට පත්කරමින්, කාර්ය මණ්ඩලයේ වෘත්තීය ජීවිත හා පෞද්ගලික ජීවිත අතර මනා සමබරතාවක් පවත්වා ගැනීම සඳහා මෙම වැඩසටහන් මගින් මහඟු කාර්යභාරයක් ඉටුවේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තු ගත සමූහ ව්‍යාපාරයක්වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකුවන යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේවන විට එහි 3,000 කට අධික පරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා රාශියක් විවෘත කර තිබේ. එමසමාගම 2021 දෙසැම්බර් මාසයවන විට රු. බිලියන 17.3 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 49.8 ක ක ජීවිතරක්ෂණ අරමුදලක් සහ 228% ක ප්‍රාග්ධනසප්‍රමාණතා අනුපාතයක් (CapitalAdequacyRatio – CAR) වාර්තා කර ගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ටතම සිහින හඹායාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතයයන විවිධ අංශ ආවරණයවන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *