පාලන මිලට වැඩියෙන් ඖෂධ විකිණුවොත් නීතිය දැඩිව

(කොළඹ, ලංකාපුවත්) – පාලන මිලට වඩා වැඩි මිල ගණන් යටතේ ඖෂධ අලෙවි කරන්නේනම් එවැනි තැනැත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.

ඩොලරයේ ඇති වී තිබෙන තත්ත්වය සමඟ ඖෂධ මිල යම් ප්‍රතිශතයකින් වැඩි කිරීමට පෞද්ගලික අංශයට අනුමැතිය දුන් බවත් අදාළ පාලන මිල ගණන්වලට වඩා වැඩියෙන් ඖෂධ අලෙවි කරන්නේනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇමැතිවරයා කීය.

රාජ්‍ය අංශය යටතේ සමස්ථ රෝහල් පද්ධතිය විසින්ම නොමිලේ සියලු ප්‍රතිකාර කරන අතර, සියලු ඖෂධ නොමිලේ දෙන බව ද රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා පැවසීය. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *