අද සහ සඳුදා තවත් ගෑස් නැව් 2ක් එනවා – ලිට්රො සභාපති

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රමාණවත් පරිදි ගෑස් තොග මේ වන විට පවතින බැවින් ජනතාව වෙනුවෙන් අඛණ්ඩව ගෑස් සපයන බව ලිට්රො සමාගමේ සභාපති තෙෂර ජයසිංහ මහතා පැවසීය.

අද (25) සහ සඳුදා දිනයේදී ගෑස් තොග රැගත් තවත් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිත බව ද හෙතෙම කීවේය.

එම ගෑස් තොග ලැබීමෙන් පසු ඉදිරි දින 10ක කාලය තුළ ගෑස් සිලින්ඩර මිලියනක් වෙළෙඳපොළට නිකුත් කරන බව ද ඒ මහතා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *