උත්සව සමයේදී ජනතාවට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයනවා

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට අපේක්ෂා කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ උපසභාපති නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ දැනට වරාය තුළ තිබෙන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ නිදහස් කර ගැනීමේ උත්සාහයක් තිබෙන අතර ඊට ඉන්දීය සැපයුම් කරුවන් යම් ප්‍රමාණයක් අකමැති බවයි.

එම ගැටලුවට දැනට ආනයනකරුවන් මුහුණ පා තිබෙන අතර හැකි භාණ්ඩ සියල්ල නිදහස් කර ගනිමින් උත්සව සමයේ මෙරට පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට පියවර ගනිමින් සිටින බව හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *