පොල් හා ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් 2021දී ඩොලර් කෝටි 83.6ක විදේශ විනිමයක්

(කොළඹ, ලංකාපුවත්) – පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් 2021 වසරේදී ඩොලර් කෝටි 83.6ක විදේශ විනිමයක් උපයා ඇතැයි වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඉදිරි පස් වසර තුල දී පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදනය අපනයන කිරීමෙන් ඩොලර් මිලියන 1.5ක මුදලක් ඉපයීමට අපේක්ෂා කරන බවද එහිදී ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැතිවරයා මෙසේ පැවසුවේ බලපිටිය, කොස්ගොඩ, කරිජ්ජපිටිය, වෙල්ලන්ගොඩ අමුණ ප්‍රදේශයේ වී වගා නොකළ පුරන් කුඹුරු යායක සෝජාන් ක්‍රමය යටතේ පොල් සහ තැඹිලි වගා කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පොල් වගාව තවත් ප්‍රචලිත කරමින් පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම මඟින් වැඩි විදේශ විනිමයක් ඉපයීමේ හැකියාව පවතින බව කී ඇමැතිවරයා රට මුහුණ දී සිටින විදේශ අර්බුදයෙන් ජය ගැනිම සඳහා වැවිලි අංශයෙන් උපරිම දායකත්වයක් ලබාදීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇතැයිද සඳහන් කළේය.

ඉන්දුනීසියාව හා පිලිපීනයේ පොල්වලට වඩා මෙරට පොල් රසවත් බවට ලෝකයේ ඇති පිළිගැනීම නිසා මෙරට තේවලට සමාන වෙළෙඳනාමයක් පොල්වලටත් ලැබෙමින් පවතින බවද ඇමැතිවරයා කීවේය.

මෙම වෙළෙඳ ඉලක්ක ජය ගන්නා අතරේම පොල් නිෂ්පාදන වැඩිකිරීම සඳහා මේ වසරේ පොල් පැළ මිලියන 6ක් නිපදවිමට බලාපොරොත්තුවන බවද ඇමැතිවරයා වැඩි දුරටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *