සාම සාකච්ජාවලට ගිය රුසියානු බිලියනපතියෙකුට විෂ ශරීරගත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – යුක්‍රේනය හා රුසියාව අතර පළමු වටයේ සාම සාකච්ජා සඳහා සහභාගී වූ රුසියානු බිලියනපතියෙකු වන රොමාන් අබ්‍රමොවිච්ට කිසියම් විෂක් ශරීරගත වී ඇති බවට සැක පළවී තිබේ.

ඔහුට සාම සාකච්ජා අතරතුර මෙම විෂ ශරිරගතවන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු පසුගිය මාසයේ බෙලරුස් – යුක්‍රේන දේශසීමාවේ පැවති සාකච්ජාවලට සහභාගී විය. ඔහු සමග සිටි යුක්‍රේන සාම සාධක නියෝජිතයන් දෙදෙනෙකුට ද විෂ ශරීරගත වීමක් සිදුව ඇති බව වාර්තා වේ.

ඔවුන්ගේ ඇස්වල දැවිල්ලක් හා හඳුනා නොගත් චර්ම ආසාදනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රොමාන් අබ්‍රමොවිච් සුප්‍රසිද්ධ චෙල්සි පාපන්දු කණ්ඩායමේ හිමිකරු ද වේ.

එසේම තවත් වාර්තාවක දැක්වෙනුයේ, සාකච්ඡා කඩාකප්පල් කිරීමට අවශ්‍ය වූ රුසියාවේ දැඩි මතධාරීන් විසින් මෙම විෂ ශරීරගත කිරීම සැලසුම් කර ඇති බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *