කලහකාරී, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙස පොලීසියෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – කලහකාරී, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඊයේ (04) දිනයේ විවිධ ප්‍රදේශවල පැවති මහජන විරෝධතාවල ගිනි තැබීම්, අයුතු ඇතුළුවීම් හා අනර්ථය සිදු කිරීම වැනි ක්‍රියාවල නිරතවූ පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් තවත් පිරිසක් වීඩියෝ සාක්ෂි මඟින් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලීසිය සදහන් වේ.

ඇතැම් උද්ඝෝෂණවල යෙදීසිටි පුද්ගලයින් විසින් ගිනි තැබීම්, අයුතු ඇතුළුවීම්, අනර්ථය සිදුකිරීම් වැනි ක්‍රියා සිදුකළ බවට වාර්තා වී ඇත.

එවැනි ක්‍රියා සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර වීඩියෝ සාක්ෂි මත හඳුනාගෙන ඇති තවත් පුද්ගලයින් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඕනෑම අයෙකුට සාමකාමී උද්ඝෝෂණයක් සිදුකිරීමට හැකියාවක් තිබුණ ද කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල යෙදෙමින් උද්ඝෝෂණ සිදුකරන්නන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බවත් ඒ සදහා විද්‍යාත්මක සාක්‍ෂි, තාක්‍ෂණික සාක්‍ෂි සහ වීඩියෝ සාක්‍ෂි උපයෝගී කර ගන්නා බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *