පාර්ලිමේන්තුව උදෑසන 10ට රැස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව අද(05) උදෑසන 10.00 ට රැස්වේ. අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තු සැසිය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් පසුගිය පළමුවනදා පැවැත්වුණි.

ඒ අනුව අද සිට ලබන සිකුරාදා(08) දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට තීරණය කෙරුණි.

ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කළ වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන අප්‍රේල් 8 වැනිදා පෙ.ව 10.00 සිට ප.ව 8.00 දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

කෙසේ වෙතත් මේ වනවිට රට තුළ ඇතිව තිබෙන තත්ත්වය හේතුවෙන් අද දිනට නියමිත පාර්ලිමේන්තුවේ කටයුතුවල වෙනසක් සිදුවනු ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *