(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්‍රේනයේ කියෙව් අගනුවර නිරීක‍්ෂණ චාරිකාවක නිරතව ඇත.
එහිදී ඔහු යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම චාරිකාවේ මූලික අරමුණ වී ඇත්තේ පවතින යුදමය තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමය.
බ්‍රිතාන්‍යයෙන් යුක්‍රේනයට යුද අවි හා මිසයිල ලබා දීමට ද මෙහිදී පොරොන්දු වී ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කියෙව් සංචාරය කල්තියා ප්‍රකාශයට පත් නොතිබුනි.