ප්‍රියන්ත ඝාතනයේ හය දෙනෙක්ට මරණ දඩුවම

(කොළඹ, ලංකාපුවත්) – පකිස්තානයේ දී අමානුෂික ඝාතනයට ලක් වූ ප්‍රියන්ත දියවඩන මහතාගේ මරණයට වගකිව යුතු පුද්ගලයන් 6 දෙනෙකුට මරණ දඩුවම ලබාදී තිබේ.

එරට ත්‍රස්ත විරෝධී අධිකරණය මෙම තීරණය ගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි.

2021 වසරේ දෙසැම්බර් මාසයේ පකිස්තානයේ සියල්කොට්හිදී ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා, කෘර ලෙස ප්‍රසිද්ධියේ ඝාතනය කෙරිණ. සිව් මසකට වැඩි කාලයක් ඊට අදාළ නඩුව විභාගයට ගැනිණ.

නඩුවේ තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී තවත් පුද්ගලයන් 76 දෙනෙකුට වසර දෙක බැගින් වූ සිරදඩුවම් ලබාදීමට ද අධිකරණය තීන්දු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *