ගාලුමුවදොර නොසන්සුන්කාරී තත්වයක් – 23ක් රෝහලේ

(කොළඹ, ලංකාපුවත්) – ගාලුමුවදොර පිටිය අභියස දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් හටගෙන ඇත. ඒ සමග ගැටුම පාලනයට පොලීසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

ගැටුමෙන් තුවාල ලැබූ තුවාලකරුවන් 23ක් මේ වනවිට ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයට රැස් වු විශාල පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත් නොවන ලෙසට බල කර සිටියේය. අග්‍රාමාත්‍යවරයා එම ජනතාව ඇමතිමෙන් පසුව පිරිස විසිර ගියේය. මෙම පිරිසෙන් කණ්ඩායමක් අරලියමන්දිරය අභියස රැදි සිටින විරෝධතා කරුවන් අතරට ගිය අතර එහිදි යම් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය.

ඉන් අනතුරුව අරලියගහ මන්දිරයට රැස්වී අග්‍රාමාත්‍යවරයාට සහාය පළකළ පිරිස් ගාලු මුවදොර විරෝධතා භූමියට ගමන් කළේය. ඒ සමග මෙම නොසන්සුන්කාරී තත්වය හටගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *