2025 වනවිට අවතැන්වූවන් ඉන්න බැහැ – ජනපති

(කොළඹ | ලංකාපුවත්) – අවතැන්වූවන් නැවත පදිංචි කරවීම පිළිබඳ පවතින ගැටළුව තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බවත්,2025 වසර වන විට අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් බලධාරීන් වෙත උපදෙස් දී ඇත්තේ අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ගැටලුව විසඳීම සඳහා කඩිනම් වැඩසටහනක් සකස් කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *