IMF නියෝජිතයින් පිරිසක් අද රාත්‍රියේ දිවයිනට

(කොළඹ | ලංකාපුවත්) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් අද (10) රාත්‍රි දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

මෙරට ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා පිළිබඳ අධ්‍යයනය කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ප්‍රධාන අරමුණ වේ.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, හෙට (11) සිට ලබන 17 වැනි දා දක්වා ඔවුන් මෙරට රැඳී සිටින බවයි.

මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීමත් සමග මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධ්‍යයනය එම කණ්ඩායම විසින් සිදු කරන බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ඔවුන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ හා මහ බැංකු නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට ද සැලුසම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *