නෙළුම් කුළුන බලන්න ආපු 50,000 විදෙස් සංචාරකයා

(කොළඹ | ලංකාපුවත්) – ගතවූ මාස 16ක කාලය තුළ කොළඹ නෙළුම් කුළුන නැරඹීම සඳහා විදෙස් සංචාරකයින් 50,000කට අධික පිරිසක් පැමිණ ඇති බව නෙළුම් කුළුන පරිපාලන අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.

50,000 වැනි සංචාරකයා ලෙස බල්ගේරියානු ජාතික කාන්තාවක් කුලුන නැරඹීම සඳහා ඊයේ (31) එක්ව ඇති අතර එහිදි ඇයට විශේෂ ත්‍යාගයක් ද පිරිනැමුණි.

2022 සැප්තැම්බර් 15 වැනිදා මහජනතාව වෙනුවෙන් නෙළුම් කුළුන විවෘත විය.

ශ්‍රී ලංකා ආර්ථිකය තුළ සංචාරක ව්‍යාපාරය ඉටු කරන වැදගත් කාර්යභාරය සැලකිල්ලට ගනිමින්, සංචාරක කර්මාන්තයේ ව්‍යාප්තිය පෝෂණය කිරීමේ ප්‍රධාන බලවේගයක් ලෙස ස්ථානගත වීමට කොළඹ නෙළුම් කුළුණ කැපවී සිටින බවද ප්‍රසාද් සමරසිංහ මහතා සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *