නිදහස සුරක්ෂිත කර ගැනීම අපේ වගකීමක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

(කොළඹ | ලංකාපුවත්) –  නිදහස සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් කැපවීම සමස්ත පුරවැසියාගේ වගකීමක් වන අතර නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිත ඇප කැපවීම පාලකයින්ගේ ද වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිදහස් දින පණිවුඩයෙන් පවසා සිටී.

එහි මෙසේද සඳහන්ය.

උත්තරීතර නිදහස වෙනුවෙන් ජාතිය මුහුණ දුන් සියලු‍‍ අභියෝග ජය ගැනීමට අතීතයේ සිට මේ දක්වා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියලු‍‍ දෑ හිතකාමීන්ට ජාතියේ ගෞරවයත් උපහාරයත් පුද කළ යුතු ය. ශ්‍රී ලංකාව නිදහස දිනා වසර 76ක් ගත වී ඇති නමුත් දිනා ගත් නිදහස ජාතික, ආර්ථික, සමාජීය, අධ්‍යාපනික හා ආගමික වශයෙන් වඩාත් අර්ථවත් කර ගැනීමට අප අපොහොසත් වී සිටිමු.

වසර 76ක් පුරා රටක් ලෙස අප විවිධ අභියෝගවලට මුහුණ දෙමින් ලබා ගත් දේශපාලනික නිදහස ආර්ථික මෙන් ම සාමාජීය නිදහස ලෙසට ද පරිවර්තනය කර ගැනීමේ වගකීම 1948 සිට අප සතුව තිබුණි. එහෙත් අවාසනාවකට මෙන් පටු භේද හා ජාතිවාදී මෙන් ම ආගම්වාදී හැඟීම්වලින් දේශපාලන ක්ෂේත්‍රය ඉතා අපිරිසිදු වීම නිසා අප රටක් ලෙස භේදබින්න වූවා මෙන් ම අවාසනාවන්ත ඛේදවාචකයන් රැසකට මුහුණ දෙන ලදී.

ඒ අනුව, දේශයක් ලෙස ලද ජයග්‍රහණ, ලැබූ පසුබෑම් මෙන් ම පරාජයන් ද ඉක්ම ගිය වසර 76ක කාලය තුළ අපට අත්දැකීම් සපයයි. ‘නිදහස හා නිවහල් බව’ යනු දිනාගත් පසු නිකම්ම තිබෙන දෙයක් නොව නිරන්තරයෙන් ම ආරක්‍ෂා කළ යුතු දෙයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *