ජනපති රනිල්ගේ මීළග චාරිකාව ඕස්ට්‍රේලියාවට

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම මස 09–10 දෙදින ඔස්ට්‍රේලියාව චාරිකාවක නිරතවන බව පැවසේ.

ඒ පර්ත් හිදී පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහාය.

එම සමුළුවේ දේශනයක් ජනධිපතිවරයා විසින් සිදුකරනු ඇත.

‘ස්ථාවර සහ තිරසාර ඉන්දියානු සාගරයක් කරා; යන තේමාව යටතේ, කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා මෙම සමුළුව පැවැත්වේ.

ඉන්දියානු සාගර සමුළුව 2016 වසරේ සිංගප්පූරුවේ දී ආරම්භ විය.

ඉන් අනතුරුව වාර්ෂික සමුළුවක් ලෙස පැවැත්වෙන ඉන්දියානු සාගර සමුළුව සඳහා රාජ්‍ය නායකයන් සහ නියෝජිතයින්, විද්වතුන් සහ ජනමාධ්‍යවේදීන් ඇතුළු රටවල් 22ක නියෝජිතයන් 300කට අධික සංඛ්‍යාවක් එක්වන බව වාර්තා වේ.

මීට පෙර මෙම සමුළුව සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, වියට්නාමය, මාලදිවයින, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බංග්ලාදේශය යන රටවල පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *