නාමල් ඉන්දියාවේ ඓතිහාසික රාම් කෝවිල වැඳපුදා ගනියි

(කොළඹ | ලංකාපුවත්) – ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා උත්තර් ප්‍රදේශ්හි අයෝධ්‍යා ඓතිහාසික රාම් කෝවිල වැඳ පුදා ගැනීමට ගොස් තිබේ.

මෙම පෞද්ගලික සංචාරය සඳහා නාමල් රාජපක්ෂ මහතා සමඟ ඔහුගේ බිරිඳ ලිමිණි රාජපක්ෂද එක්ව තිබුණි.

මෙහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් ඊයේ (09) සවස රාම් කෝවිලේ විශේෂ පූජාවක් සංවිධාන කර තිබූ බව වාර්තා වේ.

නාමල් රාජපක්ෂ මහතා උත්තර් ප්‍රදේශයේ සිදු කළ සංචාරය අතරතුර, ලක්නව් හිදී උත්තර් ප්‍රදේශයේ මහ ඇමති එච්.ඊ යෝගි ආදිත්‍යනාත් සහ නියෝජ්‍ය මහ ඇමති බ්‍රිගේෂ් පාතේක් සමඟ සුහද හමුවකට එක්ව තිබුණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික හා ආධ්‍යාත්මික බැඳීම් ශක්තිමත් කිරීමෙ අරමුණෙන් නාමල් රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නියැලී ඇති බව වාර්තා වේ.

එමෙන්ම උත්තර් ප්‍රදේශ්හිදී ඔහු ලද උණුසුම් ආගන්තුක සත්කාරයට නාමල් රාජපක්ෂ මහතා සිය කෘතඥතාව පළ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *