ලිට්‍රෝ ගෑස් මිල සං‍ශෝධනයක්

(කොළඹ | ලංකාපුවත්) – අප්‍රේල් මාසය සඳහා වන ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නිකුත් කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 135කින් පහත හෙළා ඇතැයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

ඒ අනුව එම සිලින්ඩරය රුපියල් 4115 දක්වා මිල අඩු වී තිබේ.

කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රු 55කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1652ක් වේ.

කිලෝග්‍රෑම් 2.5ක සිලින්ඩරය මිල අඩු කර ඇත්තේ රුපියල් 23කිනි. එහි නව මිල රුපියල් 772කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *