ලබන තෙවසර තුළදී අපනයනයට මුල්තැන දෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ලබන තෙවසර තුළ අපනයන ආදායමට මූලිකත්වය දෙන, ශීඝ්‍රයෙන් දියුණුවන ආර්ථිකයකයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"ලබන තෙවසර තුළදී අපනයනයට මුල්තැන දෙනවා – අගමැති"

පහත් දේශපාලන කුමන්ත‍්‍රණ සඵල නොවන බව ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – බලයේ සිටියදී කෝටි ප‍්‍රකෝටි ගණන් ජනතා මුදල් සහ රාජ්‍ය වත්කම් ගසා කමින් බලය අනිසි ලෙස භාවිතා කර බරපතළ වංචා, දූෂණ සහ අපරාධ සිදු කළ අය නැවත තමන් බලයට පැමිණෙන බව ජනතාවට පෙන්වීමට උත්සාහ දරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"පහත් දේශපාලන කුමන්ත‍්‍රණ සඵල නොවන බව ජනපති කියයි"

ජාන තාක්ෂණයෙන් ලෙඩ සුව කිරීම මෙරටටත්

(කොළඹ, ලංකාපුවත්) – ජාන තාක්ෂණයෙන් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි ආකාරය පිළිබඳ වාර්තාවක් සකස්කර ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබේ.

"ජාන තාක්ෂණයෙන් ලෙඩ සුව කිරීම මෙරටටත්"

කසළ කළමනාකරණය කිරීමේ වගකීමෙන් රජය බැහැර වන්නේ නැහැ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – කසළ නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීමේ වගකීමෙන් කිසිවිටෙක රජය බැහැර වන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"කසළ කළමනාකරණය කිරීමේ වගකීමෙන් රජය බැහැර වන්නේ නැහැ – අගමැති"

අර්ජුන ආගම වෙනුවෙන් ඇමතිකම් අත් හරී

(කොළඹ, ලංකාපුවත්) – “අද වෙනකම් ව්‍යවස්ථාවේ කොළයක්වත් එළියට ඇවිත් නෑ. ව්‍යවස්ථාව ගැන කතා කරන අය කොළයක්වත් දැකල තියෙනවද දන්නේ නෑ. හුඟක් විපක්ෂයේ ඉන්න අය කැමැතියි මාධ්‍යකට ගිහිල්ලා ගිනිකූරක් පත්තු කරන්න. එතකොට ඒගොල්ලන්ගේ පින්තූරෙත් යනවා පිටු භාගයක. එහෙමනේ දේශපාලනය කරන්න කැමති අය කරන්නේ. මම කියන්නේ තුට්ටු දෙකේ මේ දේශපානය අපේ රටෙන් ඉවත් විය යුතුයි.” යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

"අර්ජුන ආගම වෙනුවෙන් ඇමතිකම් අත් හරී"

කටාර් රාජ්‍යය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊශ්‍රායලයේ දී

(කොළඹ, ලංකාපුවත්) – කටාර් රාජ්‍යය පිළිබඳව මතුවී ඇති අර්බුදය ගැන සාකච්ඡා කිරීම සඳහා බහරේනය, ඊජිප්තුව, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විදේශ ඇමතිවරුන් අද රැස්වීමට නියමිතය.

"කටාර් රාජ්‍යය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊශ්‍රායලයේ දී"

යුද අපරාධ ගැන නව හමුදාපති අදහස් දක්වයි

(කොළඹ, ලංකාපුවත්) – යුද අපරාධ සම්බන්ධයෙන් හමුදා නිලධාරීන්ට චෝදනා එල්ල කරන කණ්ඩායම් එම අදාළ අවස්ථාවල එම ස්ථානයන්ගේ සිටියේ ද යන්න ගැටළුවක් බවත් කිසිසේත් තම නිලධාරීන් එවැනි පිරිසක් නොවන බවත් නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සදහන් කරයි.

"යුද අපරාධ ගැන නව හමුදාපති අදහස් දක්වයි"

2017 උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 08 වනදා සිට සැප්තැම්බර් දෙවනදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"2017 උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි"

මුතුරාජවෙලට කසළ බැහැර කිරීම තහනම් කරමින් ‍ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

(කොළඹ, ලංකාපුවත්) – මුතුරාජවෙල අභය භූමියට කැළි කසල බැහැර කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

"මුතුරාජවෙලට කසළ බැහැර කිරීම තහනම් කරමින් ‍ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්"

නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ආයතනවල පුහුණුවන පිරිස ලක්‍ෂ 02 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ ඇති ආයතන හරහා මේ වන විට ලක්ෂයකට ආසන්න පිරිසක් පුහුණු කිරීම සිදු කරන අතර ම ඉදිරියේ දී එම ප්‍රමාණය ලක්ෂ 02ක පමණ මට්ටමකට ගෙනයා හැකි නම් ඉතා වැදගත් වන බවත් එමෙන් ම පාඨමාලා සංඛ්‍යාව යම් පමණකට වැඩි කිරීමට කටයුතු කළ යුතු බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ලේකම් පී. රණේපුර මහතා පැවසීය.

"නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ආයතනවල පුහුණුවන පිරිස ලක්‍ෂ 02 දක්වා ඉහළට"