අගමැතිතුමාගේ ජපන් සංචාරයේ නිල කටයුතු අද අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ පස්දින නිල සංචාරයක නිරත අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරයේ නිල කටයුතු අද (11)ආරම්භ වේ. අග්‍රමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ජපානයේ නරිටා ජාත්‍යන්තර ගුවන්තොපළ වෙත  ඊයේ(10) පැමිණි අවස්ථාවේ දී  ජපාන අග්‍රමාත්‍යවරයාගේ විශේෂ උපදේශක හිරෝතෝ ඉෂුමී, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක සහ ශ්‍රී ලංකාවේ  ජපාන තානාපති කෙනිචි සුගනුමා යන මහත්වරුන් විසින් පිළිගෙනු ලැබීය.

"අගමැතිතුමාගේ ජපන් සංචාරයේ නිල කටයුතු අද අරඹයි"

කැලිෆෝනියාවේ ප‍්‍රාථමික විද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ප‍්‍රාථමික විද්‍යාලයක සිදු වූ වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්වේ. මිය ගිය දරුවාගේ වයස අවුරුදු 08ක් වේ.

"කැලිෆෝනියාවේ ප‍්‍රාථමික විද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට"

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පරදියි

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය සේවා ක්‍රිකට් තරඟාවලියේ A කණ්ඩායම යටතේ පැවති තරඟයකින්  බන්ධනාගාර දෙපාර්තමේන්තු A කණ්ඩායම හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු A කණ්ඩායම අතර 2017.04.06 දින පැවති තරඟයේ දී සෞඛ්‍ය දෙපාර්තමේන්තු A කණ්ඩායම පරදවා කණ්ඩායම් නායක විමන්ද රාදික ක්‍රීඩකයාගෙන්යුත් බන්ධනාගාර දෙපාර්තමේන්තු A කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට සමත්විය.

"බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පරදියි"

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට

(කොළඹ, ලංකාපුවත්) – නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගැනීමට අවශ්‍ය කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. ඒ අනුව එය අඛණ්ඩව ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යනු ඇත.

"නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට"

විමල් ඇප මත නිදහස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – රජයේ වාහන අවභාවිතා කළ බවට චෝදනා එල්ලවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇප මත නිදහස් අද(07) නිදහස් කරනු ලැබීය. රුපියල් 50,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින්වන ශරීර ඇප දෙකක් මත සැකකාර මන්ත්‍රීවරයා මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් නියෝග කරනු ලැබීය.

"විමල් ඇප මත නිදහස් වෙයි"

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනය අධීක්ෂණයට මන්ත්‍රීන් පිරිසක්

(කොළඹ, ලංකාපුවත්) – මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දිස්ත්‍රික් මට්ටමින් පත් කර තිබේ. මෙම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කටයුතු වඩාත් කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

"මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනය අධීක්ෂණයට මන්ත්‍රීන් පිරිසක්"

කැප්පෙටිපොල වලව්ව ප්‍රතිසංස්කරණයට අධ්‍යාපන ඇමතිගෙන්  නියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – විනාශවීමේ අවදානමකට ලක්ව ඇති  කැප්පෙටිපොල වලව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දැනුම් දී තිබේ. ඒ  මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් වෙතය.

"කැප්පෙටිපොල වලව්ව ප්‍රතිසංස්කරණයට අධ්‍යාපන ඇමතිගෙන්  නියෝගයක්"

බංග්ලාදේශයට ලකුණු 45ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති දෙවැනි හා අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 45ක ජයක් වාර්තා කළ බංග්ලාදේශය ටෙස්ට් හා එක්දින තරගාවලි දෙක සේම විස්සයි 20 තරගාවලියද 1-1ක් ලෙස සමකර ගත්තේය.

"බංග්ලාදේශයට ලකුණු 45ක ජයක්"

96 ක්‍රිකට් කිරුල- 25 සමරුවට මහල් 69 ගොඩනැඟිල්ලක්

(කොළඹ, ලංකාපුවත්) – 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සංඛේතවත් කරමින් ‘96 ලෙජන්ඞ්ස් ස්ක්වෙයාර්’ ලෙසින් සුපිරි ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමට සැළසුම්කර ඇත. 2021 වසරේදි ලෝක කුසලාන ජයග්‍රහණයට වසර 25 ක් සැපිරෙනු ඇත. ඒ වෙනුවෙන් ඉදිරි වසර හතර තුළ මෙම ගොඩනැගිල්ල ඉදිරිකර අවසන් කිරීමට අපේක්ෂිතය.

"96 ක්‍රිකට් කිරුල- 25 සමරුවට මහල් 69 ගොඩනැඟිල්ලක්"

ජාතික මට්ටමේ තරඟවලින් පදක්කම් දිනන ඌවේ ක්‍රීඩකයින්ට දෙන ත්‍යාග මුදල් දෙගුණයක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඌව පළාතෙන් ජාතික මට්ටමේ තරඟවලින් ජයග්‍රහනය කරන  රන්,රිදී,ලෝකඩ පදක්කම්  සඳහා දැනට ගෙවන ත්‍යාග මුදල දෙගුණයක් දක්වා  වැඩි කිරීමට තමා  අනුමැතිය දුන් බව ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ එම්.පී. ජයසිංහ මහතා පැවැසීය. ඔහු මේබව කීවේ වැල්ලවාය හමුදා කඳවුර පැවැති ක්‍රීඩාංගණයේ පැවැති වාර්ෂික වර්ණ ප්‍රධාන  උත්සවයේදීය.

"ජාතික මට්ටමේ තරඟවලින් පදක්කම් දිනන ඌවේ ක්‍රීඩකයින්ට දෙන ත්‍යාග මුදල් දෙගුණයක් වෙයි"