බැදුම්කර විමර්ශන අවසන්වන තෙක් ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයින් ඉවත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – බැදුම්කර ගණුදෙණු පිළිබද ජනාධිපති කොමිසමේ විමර්ශනයන් අවසන් වන තුරු මහ බැංකු ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් ඉවත් කිරීමට මූල්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

"බැදුම්කර විමර්ශන අවසන්වන තෙක් ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයින් ඉවත් කරයි"

රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කරන්න සූදානම් නෑ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය යුද සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එල්ල වී ඇති චෝදනා සහ යෝජනාවලදී මේ රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කරන්න සූදානම් නෑ – ජනපති"

කොටුව බෝම්බ ප්‍රහාරයට ආධාර දුන් පුද්ගලයාට වසර 20ක සිර දඩුවම්

  (කොළඹ, ලංකාපුවත්) – 2008 වසරේ දී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට අනුබල දුන් පුද්ගලයාට බරපතල වැඩ සහිතව වසර 20 ක සිර දඩුවම් අද (29) නියම විය. කොළඹ මහාධිකරණය විසින් අදාළ නඩු තීන්දුව ප්‍රකාශයටත් පත් කරනු ලැබීය.

"කොටුව බෝම්බ ප්‍රහාරයට ආධාර දුන් පුද්ගලයාට වසර 20ක සිර දඩුවම්"

‘ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා යන ගමනේ කිසිම භේදයක් නෑ‘ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා යන ගමනේ කිසිම භේදයක් නොමැති බවත් ඒකීය රටක් තුළ රට නොබෙදා බලය බෙදීමේ වැඩපිළිවෙල සඳහා සියලු දෙනාගේ සහයෝගය හිමිව ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි. අග්‍රමාත්‍යවරයා පවසන්නේ ජනවර්ග අතර සංහිඳියාව ඇති කිරීම උදෙසා බලය බෙදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවය. මරදාන, සුදුවැල්ල බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය අද (29) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

"‘ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා යන ගමනේ කිසිම භේදයක් නෑ‘ – අගමැති"

රජිනි කාන්ත්ගෙන් ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ලිපියක්

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ඉන්දිය සුපිරි නළු රජිනි කාන්ත් සිය ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීම පිළිබඳ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙත ලිපියක් යොමුකර ඇත. යාපනය ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවාස ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවකට සහභාගී වීමේ අරමුණින් ලබන අප්‍රේල් මස 09 වනදා මෙරට සංචාරයක නිරත වීමට රජිනි කාන්ත්  තීරණය කර තිබුණි.

"රජිනි කාන්ත්ගෙන් ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ලිපියක්"

මන්ත්‍රී විමල් විරවංශව කොළඹ ජාතික රෝහලට මාරු කරයි

(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත. මන්ත්‍රීවරයා ආරම්භ කර තිබූ උපවාසය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය අයහපත් වීම සැලකිල්ලට ගනිමින් මෙලෙස ජාතික රෝහලට යොමු කර තිබේ.

"මන්ත්‍රී විමල් විරවංශව කොළඹ ජාතික රෝහලට මාරු කරයි"

IPSC III ජාතික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා යුද හමුදාවට

(කොළඹ, ලංකාපුවත්) – පුනෑව, නාවික හමුදා වෙඩි පිටියේ දී මාර්තු මස 23 සිට 26 දක්වා පැවති ජාතික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලියේ දී (IPSC III) ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමය නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලුම රන් පදක්කම් හිමි කර ගනිමින් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත්විය.

"IPSC III ජාතික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා යුද හමුදාවට"

ඕස්ට්‍රේලියාවට හදිසි ආපදා තත්වයක්

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියාවට ඇතුළු වු ‘ඩෙබී‘ සුළි කුණාටුවත් සමඟ එරට හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සුළි කුණාටුව හේතුවෙන් හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ගොඩනැගිලිවලට අලාභ හානි සිදු වී ඇති අතර දුරකථන හා විදුලි බලයද ඇණහිට තිබේ.

"ඕස්ට්‍රේලියාවට හදිසි ආපදා තත්වයක්"

යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජනයට සැරසේ

(කොළඹ, ලංකාපුවත්) – ලොව විශාලතම ආයෝජන බැංකුව වන යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා කැමැත්ත පළ කර ඇත. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් තානාපති ටන් ලායි මාර්ග් මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

"යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජනයට සැරසේ"

මහජන බැංකු සමුහයේ බදුවලට පෙර ලාභය රු. බිලියන 25.4 ක් වාර්තා කරයි

(කොළඹ, ලංකාපුවත්) – මහජන බැංකුව පසුගිය දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා සිය මූල්‍ය ප්‍රතිඵල පසුගියදා නිවේදනය කළේ ය. ඒ අනුව මහජන බැංකු සමුහය 2016 වසර අවසානයේ සිය ඉතිහාසයේ අතිවිශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරමින් රුපියල් බිලියන 25.4 ඉහළම බදු පෙර ලාභයක් ලබාගෙන ඇත. එමෙන්ම සමස්ත දළ ආදායම ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් රු. බිලියන 144.7 ක් ලෙස සටහන් විය ( 2015 වසරේ රු. බිලියන 123.8 ක් වු මෙය 16.9% ක වර්ධනයකි.)

"මහජන බැංකු සමුහයේ බදුවලට පෙර ලාභය රු. බිලියන 25.4 ක් වාර්තා කරයි"