අහඹු නියැදිවල සිදුකරන PCR පරීක්ෂණ අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) –හුදෙකලා කර ඇති ප්‍රදේශ ඇතුළුව තෝරාගත් ප්‍රදේශවල අහඹු නියැදිවල සිදුකරන පීසීආර් පරීක්ෂණ තුළින් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුකෙරෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

"අහඹු නියැදිවල සිදුකරන PCR පරීක්ෂණ අඛණ්ඩව"

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණයට විශේෂ කාර්යාලයක්

(කොළඹ, ලංකාපුවත්) –කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ක්‍රියාත්මක රාජ්‍ය අමාත්‍යාංශ වලට සම්බන්ධ විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණයට අදාල විශේෂ ලේකම් කාර්යාලයක් විවෘත කෙරේ.

"කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණයට විශේෂ කාර්යාලයක්"

බැසිල් රාජපක්ෂ මහතා ඉක්මනින් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි – රාජ්‍ය ඇමති ලාන්සා

(කොළඹ, ලංකාපුවත්) –බැසිල් රාජපක්ෂ මහතා ඉක්මනින් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

"බැසිල් රාජපක්ෂ මහතා ඉක්මනින් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි – රාජ්‍ය ඇමති ලාන්සා"

2020 මුල් මාස 09 තුළ සෙලින්කෝ ලයිෆ් ආදායම 14% කින් රුපියල් බිලියන 26 ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –රට තුළ ව්‍යාපාර සඳහා සෘණාත්මක බලපෑමක් පැවතියද, මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම 2020 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස නමයක කාලය තුළදී රුපියල් බිලියන 26 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත්වී තිබෙන අතර එය 14% ක වර්ධනයකි.

"2020 මුල් මාස 09 තුළ සෙලින්කෝ ලයිෆ් ආදායම 14% කින් රුපියල් බිලියන 26 ක් දක්වා ඉහළට"

කොළඹ වරාය නගරය රුපියල් මිලියන හතරකට අධික සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කරයි

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ විසිදහසක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කිරීම පසුගියදා එම අමාත්‍යංශයේ දී සිදු විය. මෙරට තුල COVID-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා, සෞඛ්‍ය අංශ ගෙනයන ප්‍රශස්ත ක්‍රියාමාර්ගවලට තවදුරටත් සහාය දැක්වීමේ අරමුණ ඇතිව මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.

"කොළඹ වරාය නගරය රුපියල් මිලියන හතරකට අධික සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කරයි"

ශ්‍රී ලංකා සංචාරකයින්ට විදේශ අමාත්‍යාංශය අනතුරු අඟවයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළුවීමට අවසර ලබා දීම සඳහා ගෙවීම්/ගාස්තු හෝ ඕනෑම ආකාරයක මූල්‍යමය අයකිරීමක් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටතට යන සියලුම සංචාරකයින්ගෙන් ඉල්ලා සිටී.

"ශ්‍රී ලංකා සංචාරකයින්ට විදේශ අමාත්‍යාංශය අනතුරු අඟවයි"

චීනයේ විශාලතම අන්තර්ජාල අලෙවි වේදිකා දෙකක් ශ්‍රී ලංකාවේ භාණ්ඩ අලෙවියට එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –තුන් වැනි චීන ජාත්‍යන්තර ආනයන වෙළඳ ප්‍රදර්ශනය ගෝලීය වෙළඳ අවස්ථා රැසක් ගෙන දෙමින් චීනයේ ෂැංහයි නුවර දී සාර්ථකව නිමාවට පත්විය.

"චීනයේ විශාලතම අන්තර්ජාල අලෙවි වේදිකා දෙකක් ශ්‍රී ලංකාවේ භාණ්ඩ අලෙවියට එක්වෙයි"

කොරෝනා මරණ භූමදානය පිළිබඳව අවසන් තීන්දුව ගන්නා ආකාරය ගැන ඇමති පවිත්‍රා කියයි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වැළදී මියගිය පුද්ගලයින්ගේ මෘත දේහයන් භූමදානය සම්බන්ධයෙන් විවිධ අයගෙන් ඉල්ලීම් ලැබී තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව ඔවුන්ගේ තව වාර්තා කිහිපයක් තමන් වෙත ලබාදීමට නියමිතව තිබෙන බවත් සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

"කොරෝනා මරණ භූමදානය පිළිබඳව අවසන් තීන්දුව ගන්නා ආකාරය ගැන ඇමති පවිත්‍රා කියයි"

තවත් ආසාදිතයින් 198ක්

(කොළඹ, ලංකාපුවත්) – තවත් කොවිඩ් ආසාදිතයින් 198 දෙනෙකු වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

"තවත් ආසාදිතයින් 198ක්"

මහමඟ තිබී හමුවූ මළ සිරුරු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කළ අය සොයා පරීක්ෂණ

(කොළඹ, ලංකාපුවත්) – මහමාර්ගවල තිබී හමුවූ මළසිරුරු කොරෝනා වැළඳී මියගිය අයගේ බවට අසත්‍ය ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

"මහමඟ තිබී හමුවූ මළ සිරුරු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කළ අය සොයා පරීක්ෂණ"