ශ්‍රීලංකන් ගුවන් සේවය තරු හතරේ ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත කිරීම දිනා ගනියි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) සංවිධානය කරන ලද ‍ Future Travel Experience (FTE) Virtual Expo ගෝලීය සම්මාන උළෙලේ දී තරු හතරේ ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත කිරීම(2021 Four Star Major Official Airline)දිනා ගන්නා ලදී . මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම් වූ මෙම ගෞරවනීය සම්මානය වසර 41 කට වැඩි කාලයක් සේවය කරන ශ්‍රීලංකන් ගුවන් සමාගමට හිමි වූ අතර මෙම සම්මාන උළෙල 2020 දෙසැම්බර් මස 9 වන දින පැවැත්විණි.

"ශ්‍රීලංකන් ගුවන් සේවය තරු හතරේ ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත කිරීම දිනා ගනියි"

INSEE Ecocycle සමාගම මෙරට විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය සඳහා තිරසාර කළමනාකරණ විසඳුමක් හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – අග්නිදිග ආසියාතික කලාපයේ දැවැන්තම සිමෙන්ති නිෂ්පාදකයා වන සියාම් සිටි සිමෙන්ට් (ලංකා) සමාගමට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන INSEE Ecocycle Lanka පුද්ගලික සමාගම, ශ්‍රී ලංකාවේ භාවිත කර ඉවත දැමූ විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුමක් සැපයීමට පසුගියදා සමත්විය.

"INSEE Ecocycle සමාගම මෙරට විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය සඳහා තිරසාර කළමනාකරණ විසඳුමක් හඳුන්වා දෙයි"

සංජය මොහොට්ටාල BOIසභාපති ධූරයට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසින් කටයුතු කළ සංජය මොහොට්ටාල මහතා පත්කර තිබේ.

"සංජය මොහොට්ටාල BOIසභාපති ධූරයට"

DFCC බැංකුව මෙරට අංක එකේ මුදල් කළමනාකරණ සේවා සම්පාදකයා ලෙස Euromoney සම්මාන දිනයි

(කොළඹ, ලංකාපුවත්) –‘කාටත් ගැළපෙන බැංකුව’ යන විරුදාවලිය ලත් DFCC බැංකුව පසුගියදා පැවති ‘2020 Euromoney මුදල් කළමනාකරණ – මූල්‍ය නොවන ආයතන’ සමීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ අංක එකේ මුදල් කළමනාකරණ හොඳම සේවා සම්පාදකයා ලෙස ඇගයීමට පාත්‍ර වීමට සමත් විය.

"DFCC බැංකුව මෙරට අංක එකේ මුදල් කළමනාකරණ සේවා සම්පාදකයා ලෙස Euromoney සම්මාන දිනයි"

නවතම ASUS 11 Gen, VivoBook S15 ලැප්ටොප් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) –ASUS සමාගමේ 11th Gen නවතම VivoBook S15 ලැප්ටොප් පරිගණකය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. තරුණ පරම්පරාවේ පරිශීලකයන්ගේ අවශ්‍යතා පිළීබද වඩා හොද අවබෝධයකින් යුතුව සියලුම දෙනාගේ විවිධ අවශ්‍යතාවයන්ට සරිලන අකාරයෙන් නිර්මාණය කර ඇති මෙම VivoBook S15 ආකර්ශනීය පෙනුමකින් සහ සැහැල්ලු බවින් ඉතා ඉහළය. එලෙසම එහි පෙනුම මෙන්ම ක්‍රියාකාරිත්වය ද අසමසම මට්ටමකට ගෙන එමින් 11th Gen Intel processors සහ NVidia GeForce MX350 graphics සමඟ මනා සමබරතාවයක් ගොඩ නගා ඇත.

"නවතම ASUS 11 Gen, VivoBook S15 ලැප්ටොප් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි"

Uber Eats ශ්‍රී ලංකාවට පැමිණ වසර දෙකයි; ඇණවුම් මිලියන 10 සීමාව ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) –Uber Eats ශ්‍රී ලංකාව තුළ තම සේවාවන් ආරම්භ කර වසර 2 ක කාලයක් සම්පූර්ණ වී තිබේ. මේ වනවිට එම සේවාව හරහා ශ්‍රී ලාංකිකයන් ලබා දී ඇණවුම් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ඇත. ප්‍රථම වර්ෂය තුළ ඇණවුම් ප්‍රමාණය මිලියන 3 ක් වූ අතර, දෙවන වර්ෂය තුළ එම ප්‍රමාණය දෙගුණයකටත් වඩා ඉහළ යාම විශේෂත්වයකි.

"Uber Eats ශ්‍රී ලංකාවට පැමිණ වසර දෙකයි; ඇණවුම් මිලියන 10 සීමාව ඉක්මවයි"

DFCC බැංකුව ‘හැව්ලොක් සිටි’සමග අවබෝධතා ගිවිසුමකට

(කොළඹ, ලංකාපුවත්) –DFCC බැංකුව, නිවාස ගැනුම්කරුවන්ට සුවිශේෂී සහනයක් සැලසීමේ අරමුණ ඇතිව ‘හැව්ලොක් සිටි’ නිවාස ව්‍යාපෘතිය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම අවබෝධතා ගිවිසුම යටතේ, ‘හැව්ලොක් සිටි’ නිවාස ව්‍යාපෘතියේ නිවාස මිලදීගන්නා ගැනුම්කරුවන් වෙනුවෙන් විශේෂ ණය ක්‍රමයක් හඳුන්වා දීමට බැංකුව පියවර ගෙන තිබේ. ව්‍යුහගත ණය යෝජනා ක්‍රම, සහන කාලයන් සහ නියමිත කාලයට පෙර ගෙවා අවසන් කිරීමේදී අයවීමට නියමිත ගාස්තු කපාහැරීම වැනි ප්‍රතිලාභ රාශියක් මෙම ණය ක්‍රමයට ඇතුළත් වී ඇත.

"DFCC බැංකුව ‘හැව්ලොක් සිටි’සමග අවබෝධතා ගිවිසුමකට"

අදුරු ආලෝකයට හොදම camera vivo ගෙන එයි

(කොළඹ, ලංකාපුවත්) –ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳ නාම දීර්ඝ කාලයක් තිස්සේ සිය වෙළඳ නාමය යටතේ දුරකථන වල එක් සුවිශේෂ අංගයක් විශේෂයෙන් ඉස්මතු කර පෙන්වීම සඳහා අවධානය යොමු කළේය.

"අදුරු ආලෝකයට හොදම camera vivo ගෙන එයි"

පැල්වත්ත සමාගමේ නිෂ්පාදන සුරක්ෂිතභාවය ඉහළ නංවමින් Covid-19 වලට එරෙහිව පුළුල් සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම දැනට පවතින Covid-19 වසංගත තත්ත්වය හමුවේ සිය කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ආයතනික කැපවීම සහ උත්සාහය අවධාරණය කරමින් පූර්ව ආරක්ෂණ ක්‍රමවේද දැඩිව ක්‍රියාත්මක කර තිබේ.

"පැල්වත්ත සමාගමේ නිෂ්පාදන සුරක්ෂිතභාවය ඉහළ නංවමින් Covid-19 වලට එරෙහිව පුළුල් සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක්"

එමිරේට්ස් විසින් සිය ගුවන් මගීන්ට පුළුල් බහු අවදානම් ගමන් ආවරණයක් හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) –එමිරේට්ස් ගුවන් මගීන්ට වඩාත් සුරක්ෂිත ලෙස තම ගුවන් ගමන් සැලසුම් කරගැනීමට අවස්ථාව ලබාදෙමින් එමිරේට්ස් විසින් ලබාදුන් කොවිඞ්-19 රක්ෂණාවරණය බහු අවදානම් ගමන් ආවරණයක් දක්වා පුළුල් කර තිබෙන අතර ගුවන් සේවා කර්මාන්තයේ මෙවැනි රක්ෂණාවරණයක් හඳුන්වා දී තිබෙන්නේ පළමු වතාවට වීම කැපී පෙනේ.

"එමිරේට්ස් විසින් සිය ගුවන් මගීන්ට පුළුල් බහු අවදානම් ගමන් ආවරණයක් හඳුන්වා දෙයි"