ආපදා හානිය තක්සේරු කිරීමෙන් පසු වන්දි මුදල් කඩිනමින්

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා සිදු වූ ආපදා තත්ත්වය නිසා මරණයට පත්වු සැම පුද්ගලයකුටම රුපියල් 250,000.00 ක වන්දි මුදලක් පිරිනැමීමට කටයුතු කරන බවත්, ඊට අමතරව දැනටමත් රුපියල් 15,000.00 ක මුදලක් විපතට පත් වු පවුල් වෙත ලබාදීමට කටයුතු කර ඇති බවත් රාජ්‍යපරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

"ආපදා හානිය තක්සේරු කිරීමෙන් පසු වන්දි මුදල් කඩිනමින්"

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය කෝටි 8800යි

(කොළඹ, ලංකාපුවත්) – එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම හරහා මේ වන විට ව්‍යවසායකයන් පනස්පන්දහසකට රුපියල් කෝටි 8800 (රු. බිලියන 88) ණය මුදල් පිරිනමා ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා අනාවරණය කළේය.

"එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය කෝටි 8800යි"

පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුවට කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –අප්‍රේල් 21 ප්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේ ඇතැමුන් ආණ්ඩුවට කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුවට කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා – ජනපති"

විද්‍යාව හා තාක්‍ෂණය මිනිසුන්ගේ යහපතට යොදා ගත යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛතාවය හිමි විය යුත්තේ මිනිසාගේ විනාශය සඳහා නොව යහපත සඳහා වූ සොයා ගැනීම් වෙනුවෙන් බව ජනාධිපතිතුමා පවසයි.

"විද්‍යාව හා තාක්‍ෂණය මිනිසුන්ගේ යහපතට යොදා ගත යුතුයි – ජනපති"

කුසුම් පීරිස් මහත්මිය අභාවප‍්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකාවක, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක මෙන්ම ගේය පද රචිකාවියක වු කුසුම් පීරිස් මහත්මිය අභාවප‍්‍රාප්ත වෙයි.

"කුසුම් පීරිස් මහත්මිය අභාවප‍්‍රාප්ත වෙයි"

පාස්කු ප්‍රහාරය පිළිබඳ ස්වාධීන වාර්තාවක් ලබා දෙන්න

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා මෙරට දේවස්ථාන තුනක ඇති වූ සිද්ධි පිළිබඳ කමිටු පත්කර ඒ ගැන අදාළ වාර්තා නිකුත් කළ බව ප්‍රකාශ කර තිබුණා. එවැනි වාර්තා තමන්ට නොලැබුණු බවත් ඉදිරියේදී ස්වාධීන කමිටුවක් පත්කර වාර්තාවක් නිකුත් කරන ලෙස තමා රටේ වගකිවයුතු නායකයන්ගෙන් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා ඉල්ලා සිටියෝය.

"පාස්කු ප්‍රහාරය පිළිබඳ ස්වාධීන වාර්තාවක් ලබා දෙන්න"

වැස්ස සහ නියඟය 8ක් මරුට ලක්ෂ පහමාරකට පීඩා

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් තවත් 4 දෙනකු අතුරුදන් වී ඇති බවත් ඒ හේතුවෙන් පවුල් 163,988ක පුද්ගලයන් 583,181ක් අවතැන්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (21) නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවේ සඳහන් වේ.

"වැස්ස සහ නියඟය 8ක් මරුට ලක්ෂ පහමාරකට පීඩා"

මිලියන ගණන් වන්දි ඉල්ලා මංගල නඩු මඟට

(කොළඹ, ලංකාපුවත්) –තමන්ට එරෙහිව අභූත චෝදනා කිහිපයක්ම තිනියාවල පාලිත භික්ෂූන් වහන්සේ විසින් එල්ලකොට තිබෙන බවත් ඒ අභූත මඩ ප්‍රහාර කිසිදු වගවිභාගයකින් තොරව ඉතාමත් ද්වේශසහගත ආකාරයෙන් විකාශය කළ රූපවාහිනී නාලිකාවලට හා හඳුනාගත් වෙබ් අඩවි කිහිපයකට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

"මිලියන ගණන් වන්දි ඉල්ලා මංගල නඩු මඟට"

ආධාර ඉහළට ලෝක බැංකුවෙන් ජනපතිට සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) – නව මෙහෙයුම් ත්‍රිත්වයක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර තවදුරටත් ඉහළ නංවන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති හාර්ට්විග් ශේෆර් (Hartwig Schafer) මහතා පැවසීය.

"ආධාර ඉහළට ලෝක බැංකුවෙන් ජනපතිට සහතිකයක්"

තිරිඟු පිටි මිල එකවර රු. 8කින් වැඩිවීම ගැන අගමැති වර්තාවක් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –තිරිඟු පිටි මිල එකවර රුපියල් 8කින් වැඩිවීම සම්බන්ධයෙන් වහාම සොයා බලා වාර්තා කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත ඊයේ (18) දැනුම් දුන්නේය.

"තිරිඟු පිටි මිල එකවර රු. 8කින් වැඩිවීම ගැන අගමැති වර්තාවක් ඉල්ලයි"