නීතියේ ආධිපත්‍ය සුරැකීම වත්මන් රජයේ මුඛ්‍ය පරමාර්ථයයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – නීතියේ ආධිපත්‍ය සුරැකීම වත්මන් රජයේ මුඛ්‍ය කාර්යභාරයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"නීතියේ ආධිපත්‍ය සුරැකීම වත්මන් රජයේ මුඛ්‍ය පරමාර්ථයයි – අගමැති"

අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් ගොවිපවුල්වලට සහන සොයා බැලීමට අමාත්‍ය අනුකමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – අයහපත් කාලගුණ හේතුවෙන් හානියට පත් වූ විපවුල්වලට,කෘෂිකර්මාන්තයට සහන ලබාදීමට කටයුතු කරන බවත් සිදු වී ඇති බලපැම වාර්තා කිරීමට කොමිටියක් සහ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට කටයුතු කර තිබෙන බවත් ආර්ථිකය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සියලු පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ආර්ථිකය සූදානම් කිරීමට අලුත් යාන්ත්‍රණයක් සකස් කරගත යුතුවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

"අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් ගොවිපවුල්වලට සහන සොයා බැලීමට අමාත්‍ය අනුකමිටුවක්"

ව්‍යාපාරිකයින්ගේ ඊ-මේල් තොරතුරු ඔස්සේ මුදල් වංචා කිරීමේ තැතක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට භාණ්ඩ ආනයනය සහ අපනයනය කරන ව්‍යාපාරිකයින්ගේ  ඊ-මේල් පණිවිඩ වල අඩංගු තොරතුරු ආශ්‍රයෙන් මුදල් වංචා කිරීමේ කූට ජාවාරමක් පිලිබද තොරතුරු වාර්ථා  වී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SRI LANKA CERT) පවසයි.

"ව්‍යාපාරිකයින්ගේ ඊ-මේල් තොරතුරු ඔස්සේ මුදල් වංචා කිරීමේ තැතක්"

හිටපු ජනපතිට ආරක්ෂාව සපයා තිබෙනවා- අගමැති

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු ජනධිපතිතුමියට ආරක්ෂාව සපයා දී ඇති බවත් තවදුරටත් ආරක්ෂාව අවශ්‍ය නම් එය ලබාදීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"හිටපු ජනපතිට ආරක්ෂාව සපයා තිබෙනවා- අගමැති"

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට ජනපති අතින් මුල් ගල් තැබේ

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලැබුණු මිත‍්‍රශීලි පරිත්‍යාගයක් වන රුපියල් මිලියන 12,000 ක වියදමින් පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා මුල් ගල් තැබීම අද (06) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපතිතුමා අතින් සිදු විය.

"දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට ජනපති අතින් මුල් ගල් තැබේ"

ජීවන වියදම අඩු කිරීමට සහල් හා පොල් පිටරටින්

(කොළඹ, ලංකාපුවත්) – ජීවන වියදම අඩු කිරීම පිණිස කෙටි කාලීන ක්‍රියාමාර්ගයක් වශයෙන් සහල් සහ පොල් ආනයනය කිරීම සඳහා සතොසට හා පෞද්ගලික අංශයට පහසුකම් සැපැයීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.

"ජීවන වියදම අඩු කිරීමට සහල් හා පොල් පිටරටින්"

සුනාමි අවදානමක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර අසත්‍යයි

(කොළඹ, ලංකාපුවත්) – සුනාමි අවදානමක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

"සුනාමි අවදානමක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර අසත්‍යයි"

අඩු පීඩන කලාපය, පීඩන අවපාතයකට වර්ධනය වී දිවයිනනේ ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට කි.මී. 800 පමණ දුරින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු ඇති අතර එය වයඹ ‍‍දෙසට බරව දිවයිනෙන් ඉවතට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"අඩු පීඩන කලාපය, පීඩන අවපාතයකට වර්ධනය වී දිවයිනනේ ඉවතට"

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

"එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ජනපති ප්‍රධානත්වයෙන්"

පළාත් කිහිපයකට අද සිට තද වැසි

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට කි.මී. 950 පමණ දුරින් ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"පළාත් කිහිපයකට අද සිට තද වැසි"