(කොළඹ, ලංකාපුවත්) – තෙල් පෝලිම්වල දින ගණන් රස්තියාදු වුණ ජනතාවගේ වෙහෙස අපට තේරෙනවා. ගෑස් ගන්න පෝලිම්වල රස්තියාදු වුණු කාන්තාවන්ගේ වේදනාව අපට තේරුම් ගන්න පුළුවන්. බඩු මිල අහස උසට නැඟලා තියෙන තත්ත්වය හමුවේ ජනතාව විඳින දුක්ගැහැට ගැන අපි කාටත් හොඳ අවබෝධයක් තිබෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
"අර්බුදයට විසඳුම් සෙවීමේ වගකීම අප භාර ගන්නවා – විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති කියයි"Category: HIGHLIGHTED
(කොළඹ, ලංකාපුවත්) – මිරිහාන ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී විරෝධතාවය සම්බන්ධයෙන් ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවා ඇතැයි කියන පදනම් විරහිත චෝදනා ප්‍රතික්‍ෂේප කරන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරයි.
"මිරිහාන සිද්ධිය : ආරක්‍ෂක ලේකම්ගෙන් විශේෂ පැහැදිලි කිරීමක්"(කොළඹ, ලංකාපුවත්) – අප්‍රේල් 13, 14 සහ 15 යන දිනයන්හිදී දිවයින පුරා විදුලි කප්පාදු නොකිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.
"අප්‍රේල් 13, 14 සහ 15 විදුලි කප්පාදුවක් නැහැ"(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කරයි.
"අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්"(කොළඹ, ලංකාපුවත්) – මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත්කළ ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රාණි ජයමහ මහත්මිය අඛණ්ඩව සේවය කිරීමට එකගවීම පිළිබද සතුටට පත්වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
"මහ බැංකු අධිපතිගෙන් පණිවුඩයක්"(කොළඹ, ලංකාපුවත්) – බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මූල්‍ය සහ ආර්ථික විශේෂඥතාව පිළිබඳ කීර්තිමත් කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත් කර තිබේ.
"ජනපති විසින් විශේෂ උපදේශක කණ්ඩායමක් පත්කරයි"(කොළඹ, ලංකාපුවත්) – ගුවන්තොටුපොළ ක්‍රියාපටිපාටිය හා මගීන්ගේ සහ ප්‍රභූවරුන්ගේ පිටත්වීම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
"ගුවන්තොටුපොළ ගැන පැතිර යන කට කතා අසත්‍ය බවට නිවේදනයක්"(කොළඹ, ලංකාපුවත්) – පවතින අර්බුදය විසදීමට මේ සතිය තුලදී එකගතාවකට පැමිණෙන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවේදී අද(06) ඉල්ලීමක් කළේය.
"කතානායක, මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම"(කොළඹ, ලංකාපුවත්) – රටතුල උද්ගත වී ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
"නීතිය දැඩිව – ආරක්ෂක ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්"(කොළඹ, ලංකාපුවත්) – රටේ පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා කථානායකවරයා විසින් පක්ෂ නායකයන්ට යෝජනා තුනක් ඉදිරිපත් කර තිබේ.
"අර්බුදය විසඳා ගැනීමට කථානායකගෙන් යෝජනා 03ක්"