(කොළඹ, ලංකාපුවත්) – ආනයනික සහල්වල කිසිදු ප්ලාස්ටික් ද්‍රව්‍යයක් හෝ විෂ රසායන ද්‍රව්‍යයක් නැති බවට පර්යේෂණවලින් තහවුරුවී ඇතැයි සතොස ආයතනය සහ පාරිභෝගික අධිකාරිය සදහන් කරයි.
"ප්ලාස්ටික් සහල් ගැන අසත්‍ය ප්‍රචාර ගෙන ගිය අය ගැන තොරතුරු CIDයට"Category: HIGHLIGHTED
(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාර ආශ්‍රිතව ආරක්ෂිත කැමරා සවි කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
"බන්ධනාගාර ආශ්‍රිතව ආරක්ෂිත කැමරා සවි කිරීමට පියවර"(කොළඹ, ලංකාපුවත්) – තැපැල් සේවකයින් ක‍්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ (14) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් විය. ප‍්‍රදේශ කිහිපයක තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක හෝටල් සඳහා ලබාදීමේ සූදානමක් ඇති බව පවසමින් ඔවුන් දින දෙකක මෙම වර්ජනය ආරම්භ කළේය.
"තැපැල් වර්ජනය නිමයි"(කොළඹ, ලංකාපුවත්) – ඉතිහාසයේ සිට පැවත එන සංස්කෘතික උරුමයක් වන පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් යොදා ගැනීම කිසිවිටෙකත් නතර නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
"පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් යොදා ගැනීම නතර කරන්නේ නැහැ – ජනපති"(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතාට පළාත් සභාවේ බහුතර බලය තහවුරු කර පෙන්වන ලෙස පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා දැනුම්දීමක් සිදු කර ඇත.
"UPDATE බහුතරය පෙන්වන්නැයි විග්නේෂ්වරන්ට අභියෝගයක්"(කොළඹ, ලංකාපුවත්) – පාකිස්ථානයේ දීර්ඝ කාලීන මිතුරෙකු වන ශ‍්‍රී ලංකාවේ නාවික කටයුතුවලට ඕනෑම අවස්ථාවක පාකිස්ථානයේ සහය ලබාදීමට සූදානමින් සිටින බව පාකිස්ථාන නාවික හමුදාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පොරොන්දු විය.
"ශ‍්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක සහය දීමට සූදානම් – පාකිස්ථාන නාවික හමුදාපති"(කොළඹ, ලංකාපුවත්) – නැවත කිසිකලෙක ගැටුම්කාරී අතීතයකට යාමට ඉඩනොතබන බවට රජය සහතික කර තිබෙන අතර මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් සකස් කොට ඇති ප්‍රකාශය අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
"අමාත්‍ය මණ්ඩලයෙන් ප්‍රකාශයක්"(කොළඹ, ලංකාපුවත්) – ආපදා තත්ත්වයෙන් නිවාස අහිමිවූවන්ට නව නිවාස ඉඳිකර දීමේ වැඩසටහන කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
"ආපදාවන්ට ලක්වුවන්ට කඩිනමින් නිවාස දීමට ජනපතිගෙන් උපදෙස්"(කොළඹ, ලංකාපුවත්) – සුළු වරදවල් සඳහා වැරදිකරුවන් වී නියම වූ දඩමුදල් ගෙවා ගත නොහැකිවීම නිසා බන්ධනාගාරගතවන රැඳවියන් වෙනුවෙන් ඉදිරියේදී ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹීම පිළිබඳ අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
"දඩමුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාරගතවන රැඳවියන් වෙනුවෙන් ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹෙනවා – ජනපති"(කොළඹ, ලංකාපුවත්) – පසුගිය මාසයේ ඇති වූ ගංවතුර හා නාය අනතුරු හේතුවෙන් තවමත් පුද්ගලයින් 77දෙනෙකු අතුරුදහන් බව ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
"ගංවතුර හා නායයෑම්වලින් තවමත් 77ක් අතුරුදහන්"