ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ සපායා දිනය ගැන අගමැති දැනුවත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ලබන 26 වැනිදා පැවැත්වෙන සපායා දිනය (Sapphire Day) පිළිබඳව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ නියෝජිතයෝ පිරිසක් ඊයේ (22) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

"ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ සපායා දිනය ගැන අගමැති දැනුවත් කරයි"

ගෝලීය සංචාරක ප්‍රවර්ධනයට අමෙරිකා ඩොලර් මිලියන 56ක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණින් ආරම්භ කෙරෙන ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන සදහා මේ වසරේ දෙවන කාර්තුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක් ලබාදීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා එකඟත්වය පල කරයි.

"ගෝලීය සංචාරක ප්‍රවර්ධනයට අමෙරිකා ඩොලර් මිලියන 56ක්"

යුක්රේනයට යන ශ්‍රී ලාංකිකයින්ට විදේශ අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – දැනට යුක්රේනය වෙත සිදු කෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස ශ්‍රී ලාංකිකයින්ට මෙරට විදේශ අමාත්‍යංශය දැනුම් දීමක් කරයි.

"යුක්රේනයට යන ශ්‍රී ලාංකිකයින්ට විදේශ අමාත්‍යංශයෙන් දැනුම් දීමක්"

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් ඇතුළු සියලු වෙළුම් පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැදි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම පාර්ලිමේන්තුවට භාර දෙයි.

"පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් ඇතුළු සියලු වෙළුම් පාර්ලිමේන්තුවට"

ප්‍රතිසංස්කරණය කළ බස් රථ 200ක් යළි ධාවනයට

(කොළඹ, ලංකාපුවත්) – අබලන් ව භාවිතයෙන් ඉවත් කළ බස් රථ 200ක් ප්‍රතිසංස්කරණය කර, ධාවනයට එක් කිරීම අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

"ප්‍රතිසංස්කරණය කළ බස් රථ 200ක් යළි ධාවනයට"

දේශීය කර්මාන්තවල ආයෝජනය කරන්න දේශීය ව්‍යවසායකයන්ට ජනපතිගෙන් ඇරයුම්

(කොළඹ, ලංකාපුවත්) –දේශීය කර්මාන්තවල ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශීය ව්‍යවසායකයන්ට ඇරියුම් කරයි.

"දේශීය කර්මාන්තවල ආයෝජනය කරන්න දේශීය ව්‍යවසායකයන්ට ජනපතිගෙන් ඇරයුම්"

ජාත්‍යන්තර මාතෘ භාෂා දින සැමරුමට අගමැති එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය (International Mother Language Day) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්විණි.

"ජාත්‍යන්තර මාතෘ භාෂා දින සැමරුමට අගමැති එක්වෙයි"

සෞඛ්‍ය නීතිරීති ලිහිල් කිරීමට අවදානය

(කොළඹ, ලංකාපුවත්) –මෙරට බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ඉලක්ක ගත කණ්ඩායමෙන් සියයට 70 – 80ත් ඉක්මවූ පසු පමණක් දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ යම් ප්‍රමාණයකට ලිහිල් කිරීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

"සෞඛ්‍ය නීතිරීති ලිහිල් කිරීමට අවදානය"

සැමට යුක්තිය පදනම් කරගත් අධිකරණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර යටතේ අධිකරණ අමාත්‍යාංශය (MoJ), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) එක්ව ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අරමුණු කොට ගත් “අධිකරණ ප්‍රතිසංස්කරණ වැඩසටහන (JURE)” නිල වශයෙන් ආරම්භ කිරීම අද(21) අධිකරණ අමාත්‍යාංශයේ දී සිදු විය.

"සැමට යුක්තිය පදනම් කරගත් අධිකරණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක්"

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ප්‍රගතිය අගමැති සොයා බලයි

(කොළඹ, ලංකාපුවත්) –ජාතික සහ ආංශික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා සහය වෙමින් රටේ සංවර්ධන සැලසුම් සකස් කිරීම සඳහා මාර්ගෝපදේශයන් සපයන ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ විෂය භාර කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) දින සිය අමාත්‍යාංශයට ගොස් නිලධාරින් සමඟ එහි ප්‍රගතිය විමසා බැලුවේය.

"ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ප්‍රගතිය අගමැති සොයා බලයි"