සවස් කාලයේ අදත් ගිගුරුම් සහිත වැසි

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"සවස් කාලයේ අදත් ගිගුරුම් සහිත වැසි"

සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

(කොළඹ, ලංකාපුවත්) –සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු ජනාධිපතිවරණ කාල සීමාව තුළ අවලංගු කර ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇත. තැපැල්පතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

"සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි"

මැලේසියාවේ නීතිවිරෝධිව රැඳී සිටින්නන්ට පොදුසමා කාලයක්

(කොළඹ, ලංකාපුවත්) –මැලේසියාවේ රැකියා සඳහා ගොස්, ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් එරට රැඳී සිටින ශ්‍රමිකයින්හට දඩුවමකින් තොරව නැවතත් සිය රටට පැමිණීම සඳහා පොදුසමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව, මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දන්වා තිබේ.

"මැලේසියාවේ නීතිවිරෝධිව රැඳී සිටින්නන්ට පොදුසමා කාලයක්"

හිටපු මන්ත්‍රි රංගා ඇතුළු 06 ක් අත්අඩංගුවට ගැනීමට නියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) –2011 වර්ෂයේදී වවනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම සහ සැකකරුවෙකුට එම අපරාධය වසන් කොට පළා යාමට ආධාර අනුබලදීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ ශ්‍රී රංගා මහතා ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු වහා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට අද (16) නියෝග කළේය.

"හිටපු මන්ත්‍රි රංගා ඇතුළු 06 ක් අත්අඩංගුවට ගැනීමට නියෝගයක්"

තැපැල් ඡන්ද අයැදුම්පත් 78,403ක් ප්‍රතික්ෂේප කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –තැපැල් ඡන්දය අයැදුම්පත් 78,403ක් ප්‍රතික්ෂේපකර තිබේ. ඔවුන්ට සාමාන්‍ය පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙන දින ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

"තැපැල් ඡන්ද අයැදුම්පත් 78,403ක් ප්‍රතික්ෂේප කෙරේ"

මට්ටක්කුලියේ සැකකටයුතු මෝටර් රථයක් ගැන අසත්‍ය ප්‍රචාරයක්

(කොළඹ, ලංකාපුවත්) –මට්ටක්කුලිය පොලිස් වසමේ ක්‍රිස්තියානි පල්ලියක් සහ ඊට යාබදව ඇති පාසලක් අසල සැකකටයුතු වාහනයක් තිබෙන බවට මට්ටක්කුලිය පොලිස් ස්ථානයට තොරතුරක් ලැබි ඇත.

"මට්ටක්කුලියේ සැකකටයුතු මෝටර් රථයක් ගැන අසත්‍ය ප්‍රචාරයක්"

සවස් කාලයේ වැසි

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"සවස් කාලයේ වැසි"

කොකේන් ගෙන ආ බ්‍රසීල් ජාතිකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

(කොළඹ, ලංකාපුවත්) – කොකේන් ග්‍රෑම් 690ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි වරදකරු වු බ්‍රසීල් ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.

"කොකේන් ගෙන ආ බ්‍රසීල් ජාතිකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්"

ජනපතිවරණය සඳහා පොලීසියට මිලියන 668 වැය වෙයි

(කොළඹ, ලංකාපුවත්) –රුපියල් මිලියන 668 ක මුදලක් ජනාධිපතිවරණ රාජකාරි සඳහා පොලීසියට වැය වන බවට මැතිවරණ කොමිසමට දැනුම්දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කර සිටියේය.

"ජනපතිවරණය සඳහා පොලීසියට මිලියන 668 වැය වෙයි"

විශ්‍රාමයෑමෙන් පසු මෛත්‍රීට පුරුදු නිවස සහ ආරක්ෂාව

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනට භාවිත කරන කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ඔහුට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

"විශ්‍රාමයෑමෙන් පසු මෛත්‍රීට පුරුදු නිවස සහ ආරක්ෂාව"