ඉදිරි දිනවල සවස ගිගුරුම් සහිත වැසි

(කොළඹ, ලංකාපුවත්) –  ඉදිරි දින වලදී (අප්‍රේල් මස 15 වන දින දක්වා) සවස් කාලයේදී ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වර්ධනය වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"ඉදිරි දිනවල සවස ගිගුරුම් සහිත වැසි"

අවුරුද්දට ගෙදර යන්න අදත් විශේෂ ප්‍රවාහන සේවාව

(කොළඹ, ලංකාපුවත්) – සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සහ දුම්රිය සේවාව අද(11) දිනයේ ද ක්‍රියාත්මකය. ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ උත්සවය නිමිත්තෙන් අමතර ලංගම බස් රථ 4,600ක් විශේෂ ධාවනයට එක්කර ඇති බවය.දුරගමන් සේවා සඳහා ඉන් බස් රථ 1200ක් යොදවා තිබේ.

"අවුරුද්දට ගෙදර යන්න අදත් විශේෂ ප්‍රවාහන සේවාව"

වියළි කාලගුණයෙන් ශරීරය විජලනයවීම වළක්වා ගැනීමට පියවර අනුගමන කරන්න

(කොළඹ, ලංකාපුවත්) –   වියළි කාලගුණයත් සමඟ ශරීරය විජලනයවීම වළක්වා ගැනීමට පියවර අනුගමන කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබේ. ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ මේ දිනවල ශ්‍රී ලංකාවට සූර්යා මුදුන්වීමත් සමඟ පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ශරීරය විජලනය වීමේ තත්ත්වයන් ඇති විය හැකි බවයි.

"වියළි කාලගුණයෙන් ශරීරය විජලනයවීම වළක්වා ගැනීමට පියවර අනුගමන කරන්න"

අගමැතිතුමාගේ ජපන් සංචාරයේ නිල කටයුතු අද අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ පස්දින නිල සංචාරයක නිරත අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරයේ නිල කටයුතු අද (11)ආරම්භ වේ. අග්‍රමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ජපානයේ නරිටා ජාත්‍යන්තර ගුවන්තොපළ වෙත  ඊයේ(10) පැමිණි අවස්ථාවේ දී  ජපාන අග්‍රමාත්‍යවරයාගේ විශේෂ උපදේශක හිරෝතෝ ඉෂුමී, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක සහ ශ්‍රී ලංකාවේ  ජපාන තානාපති කෙනිචි සුගනුමා යන මහත්වරුන් විසින් පිළිගෙනු ලැබීය.

"අගමැතිතුමාගේ ජපන් සංචාරයේ නිල කටයුතු අද අරඹයි"

විමල් ඇප මත නිදහස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – රජයේ වාහන අවභාවිතා කළ බවට චෝදනා එල්ලවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇප මත නිදහස් අද(07) නිදහස් කරනු ලැබීය. රුපියල් 50,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින්වන ශරීර ඇප දෙකක් මත සැකකාර මන්ත්‍රීවරයා මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් නියෝග කරනු ලැබීය.

"විමල් ඇප මත නිදහස් වෙයි"

96 ක්‍රිකට් කිරුල- 25 සමරුවට මහල් 69 ගොඩනැඟිල්ලක්

(කොළඹ, ලංකාපුවත්) – 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සංඛේතවත් කරමින් ‘96 ලෙජන්ඞ්ස් ස්ක්වෙයාර්’ ලෙසින් සුපිරි ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමට සැළසුම්කර ඇත. 2021 වසරේදි ලෝක කුසලාන ජයග්‍රහණයට වසර 25 ක් සැපිරෙනු ඇත. ඒ වෙනුවෙන් ඉදිරි වසර හතර තුළ මෙම ගොඩනැගිල්ල ඉදිරිකර අවසන් කිරීමට අපේක්ෂිතය.

"96 ක්‍රිකට් කිරුල- 25 සමරුවට මහල් 69 ගොඩනැඟිල්ලක්"

H1N1 නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය සංචාරක තහනම් පනවා නැහැ –  සෞඛ්‍ය අමාත්‍යාංශය

(කොළඹ, ලංකාපුවත්) – H1N1 වෛරසය පවතින කිසිම රටකට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය මේ දක්වා කිසිදු සංචාරක හෝ වෙළඳ තහනමක් පනවා නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. අමාත්‍යාංශ ලේකම් අනුර විජේවික්‍රම අදාළ පැහැදිලි කිරීම නිකුත් කළේ ඉන්ෆ්ලූවෙන්සා H1N1 වෛරසය පැතිර යන බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන්නැයි කටාර් විදේශ අමාත්‍යාංශය එරට සංචාරකයන් සඳහා නිකුත් කර ඇති අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමිනි.

"H1N1 නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය සංචාරක තහනම් පනවා නැහැ –  සෞඛ්‍ය අමාත්‍යාංශය"

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය හා බස් සේවා

(කොළඹ, ලංකාපුවත්) – සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය නිමිත්තෙන් අද (07) සිට විශේෂ දුම්රිය සහ බස් රථ ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව අද සිට විශේෂ අතිරේක දුම්රිය කිහිපයක් කොළඹ කොටුව සහ දුර බැහැර ප්‍රදේශ අතර ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කළේය.

"අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය හා බස් සේවා"

ආහාර විෂවී තිදෙනෙකු මරුට – 500ක් රෝහලට

(කොළඹ, ලංකාපුවත්) – ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල්ගත කළ අම්පාරේ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ප්‍රදේශයේ ආගමික ස්ථානයක පැවති පූජාවක් අතරතුර ලබාදුන් ආහාර අනුභව කළ පන්සියයකට අධික පිරිසක් මෙලෙස රෝගී වී රෝහල්ගත කර තිබේ.

"ආහාර විෂවී තිදෙනෙකු මරුට – 500ක් රෝහලට"

තාක්ෂණික ගිවිසුමේ අවසන් වැඩට වෙනුවෙන් අගමැති රනිල්,ඉන්දීය අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එළැඹීමට නියමිත තාක්ෂණික ගිවිසුමේ අවසන් කටයුතු සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 25වනදා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

"තාක්ෂණික ගිවිසුමේ අවසන් වැඩට වෙනුවෙන් අගමැති රනිල්,ඉන්දීය අගමැති හමුවෙයි"