ශ‍්‍රී ලංකාව අසලදී විදෙස් නෞකාවක් ගිනි ගනියි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ වරායේ සිට මුහුදු සැතපුම් 33ක් පමණ වූ දුරකදී පැනමා ධජය යටතේ යාත‍්‍රා කරමින් තිබූ ඩැනීලා නම් වූ බහාලූම් නෞකාවක ගින්නක් හට ගෙන තිබේ. ගින්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කෙරුණු අතර කඩිනමින් ක‍්‍රියාත්මක වූ නාවික හමුදාව ගින්න මැඩ පැවැත්වීම සඳහා වේග ප‍්‍රහාරයක යාත‍්‍රා දෙකක් පිටත් කර හැරීමට කටයුතු යොදා ඇත.

"ශ‍්‍රී ලංකාව අසලදී විදෙස් නෞකාවක් ගිනි ගනියි"

මෙරට ව්‍යාපාර ශක්තිමත් කරමින් අපනයනය ඉහළ දැමිය යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තරය සමඟ තරඟ කිරීමට මෙරට ව්‍යාපාර තවදුරටත් ශක්තිමත් කරමින් අපනයනය ඉහළ දැමිය යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (04) දින පැවැති තිරසර ලංකා ජාතික මංගල්‍යයප්‍රදර්ශනය නැරඹිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

"මෙරට ව්‍යාපාර ශක්තිමත් කරමින් අපනයනය ඉහළ දැමිය යුතුයි – අගමැති"

මහනුවර නගරයට උමං මාර්ග පද්ධතියක්

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර නගරයේ ඇති මාර්ග තදබදයට විසඳුමක් ලෙස මහනුවර නගරයට උමං මාර්ග පද්ධතියක් ඉදි කෙරෙන බවත් ඊට කැබිනට් අනුමතිය ලැබී ඇතැයි උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (04) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 23(02) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මහනුවර පූජා නගරය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

"මහනුවර නගරයට උමං මාර්ග පද්ධතියක්"

පැතිරී යන වෛරස්  රෝග තත්ත්වයට බිය නොවන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – රටේ විවිධ ප‍්‍රදේශවල පැතිරී යන වෛරස්  රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් ජනතාව කිසිදු බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙයි. යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගෙන යාමෙන් බොහෝ වෛරස් රෝගයන්ගෙන් ආරක්ෂා විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසීය.

"පැතිරී යන වෛරස්  රෝග තත්ත්වයට බිය නොවන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්"

පේරාදෙණිය සරසවි සිසුන්ගෙන් 30% කට වෛරස් උණ

(කොළඹ, ලංකාපුවත්) – පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ගෙන් සියයට 30 කට වැඩි පිරිසක් ඉන්ෆුලුවන්සා H 1-N 1 වෛරසයට ගොදුරු වී ඇති බවට මතු වූ සැකයක් මත එම විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. විශ්වවිද්‍යාලයේ සිසුන් 4000ක් පමණ පිරිසක් අදාළ වෛරසයට ගොදුරුව තිබෙන බවට අනුමාන කෙරෙන අතර සිසුන් රැසක් මහනුවර හා පේරාදෙණිය රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

"පේරාදෙණිය සරසවි සිසුන්ගෙන් 30% කට වෛරස් උණ"

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලූව ගැන තවත් සාකච්ඡාවක් කොළඹදී

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දු -ශ්‍රී ලංකා ධීවර ගැටලූවට විසඳුම් සෙවීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවල තෙවන වටය ලබන 07 වනදා කොළඹ දී පැවැත්වීමට නියමිතය. ඒ සදහා ඉන්දීය රජයේ පාර්ශවය නියෝජනය කරමින් එරට ධීවර අමාත්‍ය රාධා මොහාන් සිං ඇතුළු පිරිසක් සහභාගි වනු ඇත.

"ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලූව ගැන තවත් සාකච්ඡාවක් කොළඹදී"

හිටපු ජනපතිගේ පෝය දෙකේ කතාවට අගමැතිගෙන් ප්‍රතිචාර

(කොළඹ, ලංකාපුවත්) – පෝය දෙකකට පසු ආණ්ඩුව ගන්නා බව කියන මහින්ද රාජපක්ෂ මහතාට පෝය දෙකකට පසු සිදු වෙන්නේ ඇඬීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවසයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ කිරිබත්ගොඩ දී ඊයේ (03) පැවති අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සංවිධාන කළ එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක් වෙමිනි.

"හිටපු ජනපතිගේ පෝය දෙකේ කතාවට අගමැතිගෙන් ප්‍රතිචාර"

පළමු පාසල් වාරය ලබන 05වනදා අවසන්වෙයි  

(කොළඹ, ලංකාපුවත්) – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය ලබන 05 වන දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

"පළමු පාසල් වාරය ලබන 05වනදා අවසන්වෙයි  "

මන්ත්‍රී විමල් ලබන 07වනදා තෙක් රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ වාහන අව භාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තවදුරටත් ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය  අදාළ නියෝග ලබාදී ඇත.  විමල් වීරවංශ මන්ත්‍රීවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා පරීක්ෂණයට අදාළ නීතිමය හා සිද්ධිමය කරුණු දක්වමින් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

"මන්ත්‍රී විමල් ලබන 07වනදා තෙක් රිමාන්ඩ්"

කටුනායක ගුවන් මෙහෙයුම් 06වනදා සිට සුපුරුදු ලෙසින්

(කොළඹ, ලංකාපුවත්) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලබන 06වනදා සිට නැවත පූර්ණ වශයෙන් විවෘත කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කරයි. ධාවන පථය නැවත ඇතිරීමේ කටයුතු සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු පසුගිය ජනවාරි 60 වනදා  සිට අප්‍රේල් 05 වනදා දක්වා දිනකට පැය අටක කාලයක් තාවකාලිකව නවතා තිබිණි.

"කටුනායක ගුවන් මෙහෙයුම් 06වනදා සිට සුපුරුදු ලෙසින්"