හෙට සිට දිවයින පුරා මදුරු මර්දන සතියක්

(කොළඹ, ලංකාපුවත්) – හෙට (29) සිට දිවයින පුරා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. මේ වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව විසි හතරදහස් පන්සිය හැට දෙකකි.

"හෙට සිට දිවයින පුරා මදුරු මර්දන සතියක්"

නිදහස් පක්ෂ තරුණ සම්මේලනය ලබන 02 වනදා

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සම්මේලනය ලබන 02 වනදා පැවැත්වෙන බව, නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සදහන් කරයි. එහි සභාපති, ශාන්ත බණ්ඩාර මහතා කොළඹ අද(28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

"නිදහස් පක්ෂ තරුණ සම්මේලනය ලබන 02 වනදා"

’වෛද්‍ය සිසුන් නර්ථනය හැදෑරීම ඉතා යහපත්’ – අමාත්‍ය එස්.බී.දිසානායක

(කොළඹ, ලංකාපුවත්) – වෛද්‍යවරුන් වීමට ඉගෙන ගන්නා සිසුන් නර්ථන ශිල්පය හැදෑරීම ඉතා යහපත් බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි. එසේ නර්ථන ශිල්පය ඉගෙන ගන්නා වෛද්‍ය සිසුන් සෞන්දර්යට ප්‍රිය කරන, මිනිසුන්ට ආදරය කරන, තමන් ගැන පමනක් නොසිතන වෛද්‍යවරුන් බවට පත්වේ  යැයි අමාත්‍යවරයා පැවසීය.

"’වෛද්‍ය සිසුන් නර්ථනය හැදෑරීම ඉතා යහපත්’ – අමාත්‍ය එස්.බී.දිසානායක"

පොලිස් නිශ්කාෂණ වාර්තාවත් ඔන් ලයින් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් නිශ්කාෂණ වාර්තාව(police Clearance report) අන්තර්ජාලය ඔස්සේ(Online) ලබා ගැනීමට ජනතාවට පහසුකම් සැලසේ. විශේෂයන්ම ඇතැම් රටවල් සදහා  විදේශගත වීමට බලාපොරොත්තු වන  සහ විදේශ ගතවී සිටින අයට ඉතා වැදගත් ලේඛනයක් වශයෙන් සැලකෙන මෙය නව ඉ-සේවාව නිසා දින 4-5ත් අතර  කාලයකදී ලබා ගැනීමට හැකිවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය(ICTA) පැවසීය.

"පොලිස් නිශ්කාෂණ වාර්තාවත් ඔන් ලයින් වෙයි"

‘ඉදිරි සියවස ජයගැනීමේ අභියෝගය දරුවන් හමුවේ තිබෙනවා ‘  – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – අතීත අත්දැකීම් පදනම් කර ගනිමින් ඉදිරි සියවස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ජයග‍්‍රහණය කිරීමේ වගකීම පාසල් දරුවන් හමුවේ ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. රත්නපුර ෆර්ගර්සන් උසස් විද්‍යාලයට වසර සියයක් සපරීම නිමිත්තෙන් එම විද්‍යාලයේ ඊයේ (27) පැවති සැමරුම් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව කියා සිටියේය.

"‘ඉදිරි සියවස ජයගැනීමේ අභියෝගය දරුවන් හමුවේ තිබෙනවා ‘  – ජනපති"

ඉදිරි උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීම් වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකරිය සැලසුම් කර ඇති බව එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය. ඒඅනුව මේ වන විටත් ඒ සඳහා විශේෂ නිලධාරීන් යොදවා ඇත. මෙහිදී ආහාර ද්‍රව්‍ය, තෙල් වර්ග, ඇදුම් සහ  විද්‍යුත් උපරකණ විශේෂ පරීක්ෂාවට ලක් කෙරෙන අතර භාණ්ඩවල ප්‍රමිතිය, කල් ඉකුත් වීමේ දිනය පිළිබද වැඩි අවධානයක් යොමු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය.  

"ඉදිරි උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීම් වැඩපිළිවෙලක්"

සාපෙළ ප්‍රතිඵල ප්‍රථම ස්ථානය විශාකාවට

(කොළඹ, ලංකාපුවත්) – 2016 පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා මහා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාවයි. දෙවන ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ එස්.එම් මුණසිංහ සිසුවිය දිනාගෙන හිමිකර ගෙන ඇත. මෙවර අ.පො.ස (සා/පෙ) විභාග ප්‍රතිඵල අතර තෙවන ස්ථාන දෙකක් ලැබී ඇති අතර ඒ අනුව කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ආර්.එම් සුගත් රවිඳු සන්වර සිසුවා හා මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධී මිරිස්සගේ සිසුවා තෙවන ස්ථාන ලබාගෙන තිබේ. ගම්පහ රත්නාවලි…

"සාපෙළ ප්‍රතිඵල ප්‍රථම ස්ථානය විශාකාවට"

සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට

(කොළඹ, ලංකාපුවත්) – 2016 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. ඒ අනුව  විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාප වලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද දින පෙරවරු 10.00න් පසු විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකිය. අනෙකුත් සියලුම පාසල්වල ප්‍රතිඵල අද දිනය තුළ තැපැල් කෙරෙන අතර පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්‍රතිඵල ඉදිරියේ දී තැපැල් කිරීමට නියමිතය. විභාග…

"සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට"

ජනපති සහ අගමැතිට සිතාසි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (20) සිතාසි නිකුත් කළේය. ඒ, කුට ලේඛන සකස් කර මාධ්‍යයට ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි  දීම සඳහායි. සාක්ෂි  ජුලි 17 වැනි දා  කැඳවේ.

"ජනපති සහ අගමැතිට සිතාසි"

ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් CIDය සොයා ගනී

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සිදුකල කණ්ඩායම කවුදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබේ. මේ අනුව ලසන්ත ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එසේම මෙම විශේෂ කණ්ඩායම විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම මාධ්‍යවේදීන් වන උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන අයට පහරදීම ආදියද සිදුකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇති…

"ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් CIDය සොයා ගනී"