හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපතිවරයෙකු වන ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එකම පුත්‍රයා වන රවී ජයවර්ධන මහතා අද(03) දහවල් අභාවප්‍රාප්ත විය.

"හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි"

කටුනායක ගුවන් මෙහෙයුම් 06වනදා සිට සුපුරුදු ලෙසින්

(කොළඹ, ලංකාපුවත්) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලබන 06වනදා සිට නැවත පූර්ණ වශයෙන් විවෘත කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කරයි. ධාවන පථය නැවත ඇතිරීමේ කටයුතු සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු පසුගිය ජනවාරි 60 වනදා  සිට අප්‍රේල් 05 වනදා දක්වා දිනකට පැය අටක කාලයක් තාවකාලිකව නවතා තිබිණි.

"කටුනායක ගුවන් මෙහෙයුම් 06වනදා සිට සුපුරුදු ලෙසින්"

ඖෂධ කල් ඉකුත්වීමේ අවධානමක් නැතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියයි

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආනයනය කර ඇති ඖෂධ වර්ග 53 ක් මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය තෙක් කල් ඉකුත්වන බවට මාධ්‍ය මගින් පළ වූ වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව එම සංස්ථාවේකළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම්. රූමි මහතා පවසයි.

"ඖෂධ කල් ඉකුත්වීමේ අවධානමක් නැතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියයි"

අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර හිමි අපවත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමරපුර නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර නාහිමියන් අද(03) අලූයම අපවත්විය. අපවත්වනවිට උන්වහන්සේ 102 වන වියේ පසුවිය.

"අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර හිමි අපවත්වෙයි"

උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව සංවර්ධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව තවත් සංවර්ධනය කර ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. ඒ අනුව උතුරු පළාතේ සෞඛ්‍ය ගැටලු හඳුනාගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා අප්‍රේල් මස 02 සහ 03 යන දෙදින එම පළාතේ නිරික්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතය.

"උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව සංවර්ධනයට පියවර"

දකුණු කොරියානු හිටපු ජනපතිනිය අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – දූෂණ චෝදනා මත බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු හිටපු ජනාධිපති පාර්ක් ග්‍යුන් හේ අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව හිටපු ජනාධිපතිවරියව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

"දකුණු කොරියානු හිටපු ජනපතිනිය අත්අඩංගුවට"

රු.මිලියන14ක හෙරොයින් කටුනායක ගුවන් යානයකින්

(කොළඹ, ලංකාපුවත්) – මාලදිවයින සිට පැමිණි ගුවන්යානයක තිබුණු හෙරොයින් මත්කුඩු කිලෝ 1.3ක ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපළේදී සොයාගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා ප්‍රකාශ කළේය. ගුවන් තොටුපල රේගුවට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ පරික්ෂාවකදී යානය තුළ තිබී මෙලෙස හෙරොයින්  සොයාගෙන ඇත.

"රු.මිලියන14ක හෙරොයින් කටුනායක ගුවන් යානයකින්"

කන්කසන්තුරේ වරායෙන් තෙල් ගොඩබෑමට සැළසුම්

(කොළඹ, ලංකාපුවත්) – කන්කසන්තුරේ වරායෙන් ඛණිජ තෙල් ගොඩබෑම සදහා ඉදිරියේ දී කටයුතු කරන බව ඛණීජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහන් කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උතුරු පළාතට ඛණිජ තෙල් ප‍්‍රවාහනය කිරීම සදහා අධික පිරිවැයක් දැරීමට සිදු වන බවයි.

"කන්කසන්තුරේ වරායෙන් තෙල් ගොඩබෑමට සැළසුම්"

ලෝක ජනගහනයෙන් මිලියන 350ක් විශාදයට ගොදුරු වෙලා

(කොළඹ, ලංකාපුවත්) – විශාදය රෝගය විශාල ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බවත් ලෝකයේ මේ වනවිට ජනගහනයෙන් මිලියන 350ක් විශාදයට ගොදුරු වී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය Belinda Loring  මහත්මිය පවසයි. අප්‍රේල් 07 දිනට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් ක්‍රියාත්මක විශාදය රෝගය පිළිබඳව ජනතාව දනුවත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සහ රෝගය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභගීවෙමින් ඒ මහත්මිය මේ බව පැවසුවාය.

"ලෝක ජනගහනයෙන් මිලියන 350ක් විශාදයට ගොදුරු වෙලා"

දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවල වෙනස් වීමක්

(කොළඹ, ලංකාපුවත්) – 2016 ඡන්ද හිමි නාමලේඛනයට අනූව දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවල වෙනසක් සිදුව ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ඒ අනූව බදුල්ල දිස්ත්‍රික්කයේ 9ක්ව පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 8 දක්වා අඩුවන අතර, යාපනය දිස්ත්‍රික්කයේ පැවති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 6 සිට 7 දක්වා වැඩිවී ඇත.

"දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවල වෙනස් වීමක්"