පොලිස් නිශ්කාෂණ වාර්තාවත් ඔන් ලයින් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් නිශ්කාෂණ වාර්තාව(police Clearance report) අන්තර්ජාලය ඔස්සේ(Online) ලබා ගැනීමට ජනතාවට පහසුකම් සැලසේ. විශේෂයන්ම ඇතැම් රටවල් සදහා  විදේශගත වීමට බලාපොරොත්තු වන  සහ විදේශ ගතවී සිටින අයට ඉතා වැදගත් ලේඛනයක් වශයෙන් සැලකෙන මෙය නව ඉ-සේවාව නිසා දින 4-5ත් අතර  කාලයකදී ලබා ගැනීමට හැකිවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය(ICTA) පැවසීය.

"පොලිස් නිශ්කාෂණ වාර්තාවත් ඔන් ලයින් වෙයි"

ඩෙබී සුළි කුණාටුවෙන් පවුල් දස දහසකට වැඩි පිරිසක් අවතැන්

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියාවේ  ක්වීන්ස්ලන්ත මුහුදු ප්‍රදේශයේ  අද(28) අළුයම ඇතිවූ ඩෙබී සුළි කුණාටුව හේතුවෙන් පවුල් දස දහසකට වැඩි පිරිසක් අවතැන් වී සිටිනබවවිදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මේ වන විට ප‍්‍රදේශයේ විදුලිය සැපයුමද බිඳ  වැටි ඇති බව වාර්තා වේ.

"ඩෙබී සුළි කුණාටුවෙන් පවුල් දස දහසකට වැඩි පිරිසක් අවතැන්"

බදු බර අඩුකර එහි වාසිය ජනතාවට දෙන බව මුදල් ඇමති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගොඩනැගෙන අන්තර්ජාතික ප්‍රතිරූපයේ වාසිය රටේ ජනතාවට ලැබෙන බවත් බදු බර හැකි ඉක්මනින් අඩු කර එහි වාසිය ජනතාවට ලබා දෙන බවත්  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියි. ගෙවී ගිය වසර දෙකක පමණ කාලය තුළ මෙරට ආර්ථිකයේ සිදු වූ වෙනස්කම් ජාත්‍යන්තරය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිරූපයක් මැවීමට සමත්ව ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකාවේ ඇතැම් අන්තවාදී දේශපාලනඥයන්ට එය අවබෝධ නොවුණ ජාත්‍යන්තර වශයෙන් එම පිළිගැනීම දැනටමත් ලැබී ඇති…

"බදු බර අඩුකර එහි වාසිය ජනතාවට දෙන බව මුදල් ඇමති පවසයි"

ඉදිරි උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීම් වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකරිය සැලසුම් කර ඇති බව එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය. ඒඅනුව මේ වන විටත් ඒ සඳහා විශේෂ නිලධාරීන් යොදවා ඇත. මෙහිදී ආහාර ද්‍රව්‍ය, තෙල් වර්ග, ඇදුම් සහ  විද්‍යුත් උපරකණ විශේෂ පරීක්ෂාවට ලක් කෙරෙන අතර භාණ්ඩවල ප්‍රමිතිය, කල් ඉකුත් වීමේ දිනය පිළිබද වැඩි අවධානයක් යොමු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය.  

"ඉදිරි උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීම් වැඩපිළිවෙලක්"

මම කිසි ම දේශපාලන චරිතෙකට මඩ ගහලා නෑ

තමන්ගේ හඬෙහි ගැබ් වුණු වාසනා ගුණයෙන් විවිධ චරිතවල හඬ අනුකරණය කර, ජනතා හදවත්වල නම රැන්දූ ඔහු, ITN Yoth With Talent රියැලිටියට පෑයූ තවත් එක් දිදුලන තරුවකි. තරගකරුවන් 53, 657ක් එක්ක කරට කර තරග කර, අනුශූරතාව දිනාගත් ශෂික දියමන්ත සමරසිංහ, එහෙමත් නැත්නම් කවුරුත් දන්න විදිහට කියනවා නම්, සමරෙත් එක්කයි මේ කතාබහ. * ලැබුණු ජයග්‍රහණය ගැන දැනෙන සතුට කොයි වගේද?   බොහොම සතුටුයි. ඇත්තටම හිතුවෙ නෑ. අපි කටින් වැඩ පෙන්නුවේ. එක එක විදිහෙ දක්ෂතා තිබුණ අය හිටියා.…

"මම කිසි ම දේශපාලන චරිතෙකට මඩ ගහලා නෑ"

ශ්‍රී ලංකා කාන්තා රගර් පිලට ජාත්‍යන්තර කුසලානයක්

මෙරට කාන්තා රගර් ක්‍රීඩාවේ නව පිටුවක් පෙරලමින් බොර්නියෝ සෙවන්ස් ආරාධිත සත් සාමාජික රගර් තරගාවලියේ කාන්තා තරග අංශයෙන් කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. රන්දිකා කුමුදුමලීගේ නායකත්වයෙන් මේ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කාන්තා රගර් කණ්ඩායම ඊයේ පස්වරුවේ තායිලන්තය සමග පැවැති කුසලාන වටයේ අවසන් මහා තරගයේදී ලකුණු 12-5ක ජයක් අත්කර ගනිමින් මේ ඓතිහාසික වාර්තාව තැබුවේය. ශ්‍රී ලංකා කාන්තා රගර් කණ්ඩායමක් ඕනෑම මුහුණුවරක විදෙස් තරගාවලියකදී කුසලානයක් ජයගත් පළමු අවස්ථාව මෙයවේ. මේ තරගාවලියේ පිරිමි තරග අංශයෙන් තරග වැදුණු…

"ශ්‍රී ලංකා කාන්තා රගර් පිලට ජාත්‍යන්තර කුසලානයක්"

උතුරු කොරියාව නවතම අත්හදාබැලීමක

උතුරු කොරියානු හමුදාව ඉහළ තාක්ෂණයකින් යුත් නව රොකට්ටුවක් අත්හදා බැලූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වර්තාකර ඇත්තේ මෙම අත්හදාබැලීම රටේ රොකට් කර්මාන්තයේ ‘නව උපතක්’ ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් ප්‍රකාශයට පත් කර ඇති බවයි. නායක කිම් ජොන්ග් අන් වැඩිදුරටත් පවසා ඇත්තේ ඉතා ඉහළ මට්ටමේ චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ ඉලක්කය ජය ගැනීමට නව රොකට් එන්ජිම උපකාරී වනු ඇති බවය. වෙනත් කිසිදු පාර්ශවයක් විසින් අදාළ අත්හදාබැලීම තහවුරු කරනු ලැබ නොමැති අතර නව රොකට්…

"උතුරු කොරියාව නවතම අත්හදාබැලීමක"

තරුණ දේශපාලනඥයන් රටට බිහි කරනවා – ජනපති

නායකයන් ඉදිරියේ සියලු දේට එ සේය කියන දේශපාලනඥයන් නොව ,එසේ නොව මෙසේ යැයි, කරුණු පෙන්වා දිය හැකි තරුණ දේශපාලනඥයන් පිරිසක් රට තුළ බිහි විය යුතු බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ විසින් ආරම්භ කරන ලද දේශපාලන ශාස්ත්‍රාලය ඊයේ (19) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී විවෘත කරමිනි. රජුන් ඉදිරියේ ප්‍රශස්ති ගයන දේශපාලන සම්ප්‍රදායකට ඉදිරියේදී ඉඩ නොමැති බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා දැනුම, බුද්ධිය සහ…

"තරුණ දේශපාලනඥයන් රටට බිහි කරනවා – ජනපති"