කාලගුණ අනාවැකි දැනගන්න ජපානයේ සහාය

(කොළඹ, ලංකාපුවත්) – කාලගුණ අනාවැකි නිවැරැදිව ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා ඩොප්ලර් යන්ත්‍ර දෙකක් සහ කාලගුණ තොරතුරු නිවැරදිව වාර්තා කළ හැකි ජපන් චන්ද්‍රිකාවක සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට ජපන් රජය කටයුතු කරගෙන යන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

"කාලගුණ අනාවැකි දැනගන්න ජපානයේ සහාය"

ආයෝජනයට සුදුසුම දූපත් රාජ්‍යය ශ්‍රී ලංකාවයි – බ්‍රිතාන්‍යය එෆ් ඩී අයි සඟරාව

(කොළඹ, ලංකාපුවත්) – දූපත් රාජ්‍යයන් අතරින් ආනාගතයේදී ආයෝජනයට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ එෆ් ඩී අයි සඟරාව සදහන් කරයි. දූපත් රාජ්‍ය 27ක් යොදා ගනිමින් එම සගරාව සිදුකළ ගවේෂණයකට අනුව හෙලිවී ඇත්තේ අනාගතයේ දී වඩාත් ශක්තිමත්ම ආර්ථිකයක් ගොඩනගා ගත හැකි සාධක පවතින රට ශ්‍රීලංකාව බවය.

"ආයෝජනයට සුදුසුම දූපත් රාජ්‍යය ශ්‍රී ලංකාවයි – බ්‍රිතාන්‍යය එෆ් ඩී අයි සඟරාව"

සෞඛ්‍ය සහන සේවා විශේෂ ඒකකයක්

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය සහන සේවා විශේෂ ඒකකයක් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදිය. එහි ප්‍රධානියා ලෙස හිටපු සෞඛ්‍ය ලේකම්, වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා පත් කර තිබේ.

"සෞඛ්‍ය සහන සේවා විශේෂ ඒකකයක්"

ලබන වසරේ සිට සමාගම් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට

(කොළඹ, ලංකාපුවත්) – අන්තර්ජාලය හරහා තම ව්‍යාපාර ලියාපදිංචි කිරීමට සමගම් හිමිකරුවන්ට ලබන වසරේ සිට අවස්ථාව ලැබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

"ලබන වසරේ සිට සමාගම් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට"

තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගය යළි විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) – අධික වැසි සහිත කාලගුණය සමග ජලයෙන් යටවීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර කොටස මේ වන විට විවෘත කර ඇත.

"තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගය යළි විවෘතයි"

ආපදා හේතුවෙන් සිදු වූ විදුලි බිඳ වැටීම දැනුම්දීමට නව අංකයක්

(කොළඹ, ලංකාපුවත්) – ඇතිවී තිබෙන ආපදාව හේතුවෙන් සිදු වූ විදුලි බිඳවැටීම පිළිබදව දැනුම්දීම සදහා නව දුරකතන අංකයක් හඳුන්වාදී ඇති බවත්, විදුලි මීටර් හා නිවාස විදුලි පරිපථවල සුළු නඩත්තු කටයුතු ආදිය නොමිලේ සිදුකර දීමට පියවර ගන්නා බවත්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

"ආපදා හේතුවෙන් සිදු වූ විදුලි බිඳ වැටීම දැනුම්දීමට නව අංකයක්"

ආපදා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක් ඉදිරිපත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – උද්ගතව ඇති ආපදා තත්ත්වය හමුවේ මෙරටට සහාය දැක්වීමට ලොව ප්‍රබල රටවල් රැසක් ඉදිරිපත්ව සිටියි. එම රටවල තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් මේ බව අමාත්‍ය රවී කරුණානායක මහතාට දැනුම් දී ඇත.

"ආපදා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක් ඉදිරිපත් වෙයි"

සෑම සහන කදවුරක්ම සෘජු අධීක්ෂණයකට ලක් වෙයි – වසංගත රෝග විද්‍යා අංශය

(කොළඹ, ලංකාපුවත්) – ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් විපතට පත් ජනතාව රැදීසිටින සෑම සහන කදවුරක්ම සෘජු අධීක්ෂණයකට ලක් කරන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරනු ලැබේ.

"සෑම සහන කදවුරක්ම සෘජු අධීක්ෂණයකට ලක් වෙයි – වසංගත රෝග විද්‍යා අංශය"

ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කවල පාසල්වලට සිකුරාදා දක්වා නිවාඩු

(කොළඹ, ලංකාපුවත්) – ගංවතුර හේතුවෙන් ආපදාවට පත් දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට (30) සිට ලබන සිකුරාදා(02) දක්වා නිවාඩු ලබදීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

"ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කවල පාසල්වලට සිකුරාදා දක්වා නිවාඩු"

ආපදාවට ලක්වූ ප‍්‍රදේශවලට විශේෂ වෛද්‍ය කණ්ඩායම්

(කොළඹ, ලංකාපුවත්) – ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් අදාළ ප‍්‍රදේශවලට පිටත් කර යවා ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කළේය.

"ආපදාවට ලක්වූ ප‍්‍රදේශවලට විශේෂ වෛද්‍ය කණ්ඩායම්"