“ලංකා කුමරු” කාටූන් චිත්‍රපටය හඳුන්වා දීමේ උළෙල අගමැතිගේ ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – චීන – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට වසර 60 ක් පිරීම නිමිත්තෙන් බෙයිජිං රූපවාහිනී ආයතනයට අනුබද්ධ බෙයිජිං කකු මීඩියා (Beijing KAKU Media) සමාගම විසින් නිර්මාණය කරන  “ලංකා කුමරු” නම් කාටූන් චිත්‍රපටය හඳුන්වා දීමේ උළෙල ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන සම්භාවනීයයන්ගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං නුවර කෙරි හෝටලයේ පූදොන් ශාලාවේදී පැවැත්විණි.

"“ලංකා කුමරු” කාටූන් චිත්‍රපටය හඳුන්වා දීමේ උළෙල අගමැතිගේ ප්‍රධානත්වයෙන්"

උතුරු මැදට රංජිත් වෙනුවට සුසිල් පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ එස් එම් රංජිත් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍ය ධූරය සඳහා සුසිල් ගුණරත්න මහතා පත් කිරීමට කටයුතු කර තිබේ.

"උතුරු මැදට රංජිත් වෙනුවට සුසිල් පත් කරයි"

රණවිරුවන්ට උපහාර දැක්වීම ජනපති-අගමැති ප්‍රධානත්වයෙන් 19වනදා

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රස්තවාදය පරාජය කර මේ රටට නිදහස ලබා දුන් අපේ රණවිරුවන්ට කෟත ගුණ සළකනු වස් ඔවුන්ට උපහාර දැක්වීමේ සැමරුම් උත්සවය ලබන සිකුරාදා(19) පැවැත්වේ.

"රණවිරුවන්ට උපහාර දැක්වීම ජනපති-අගමැති ප්‍රධානත්වයෙන් 19වනදා"

චීනය ඉදිරිපත් කළ වැඩපිළිවෙලින් ප්‍රයෝජන ගන්න – එජා මහ ලෙක්ම් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – චීනය ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල තුළින් ලැබෙන අවස්ථා ප්‍රයෝජනයට ගන්නැයි එක්සත් ජාතින්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

"චීනය ඉදිරිපත් කළ වැඩපිළිවෙලින් ප්‍රයෝජන ගන්න – එජා මහ ලෙක්ම් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලයි"

ඩෙංගු රෝගය පාලනයට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා මැයි මස 18 සහ 19 දෙදින කණ්ඩායම් 1800 ක් යොදවමින් දිස්ත්‍රික්ක 12 ක් ඩෙංගු වැඩි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

"ඩෙංගු රෝගය පාලනයට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්"

ලෝක බෞද්ධ සමුළුව යෝජනා 9ක් සම්මත කර ගනීමින් “මහනුවර ප්‍ර‍කාශනය” එළිදකී

(කොළඹ, ලංකාපුවත්) – ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවට මුහුණ පාන්නට සිදුවන ප්‍රශ්න හා අභියෝගයන්ට මුහුණ දීම සදහා බෞද්ධ ජනතාව ඒකරාශී කොට බෞද්ධයන් සදහා සංවිධානයක් පිහිටුවා ගැනීම අප්‍රමාදව ආරම්භ කළයුතු යැයි කියවෙන යෝජනාවක් ඇතුළු යෝජනා 9ක් මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ ඊයේ(14) පැවැති එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටු රැස්වීමේදී ඒකඡන්දයෙන් අනුමත විය.

"ලෝක බෞද්ධ සමුළුව යෝජනා 9ක් සම්මත කර ගනීමින් “මහනුවර ප්‍ර‍කාශනය” එළිදකී"

ඉන්දීය අගමැති ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ට්විටර් පිටුවේ සටහනක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රථමයෙන් සිය ට්විටර් පිටුවේ සටහනක් තබමින් දක්වා ඇත්තේ මෙම සංචාරය දෙරටේ ශක්තිමත් සබඳතාවේ සංකේතයක් වන බවයි.

"ඉන්දීය අගමැති ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ට්විටර් පිටුවේ සටහනක්"

ජනපති මෛත්‍රී හා ඉන්දීය අගමැති මෝදි අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුව ඊයේ(11) පස්වරුවේ සිදු විය.

"ජනපති මෛත්‍රී හා ඉන්දීය අගමැති මෝදි අතර හමුවක්"

ශ්‍රී ලංකාවේ GSP+ බදු සහනයට අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – ජී එස් පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබා දීමට යුරෝපා සංගමයේ විදේශ සහ වෙළෙද අමාත්‍යවරුන්ගේ කමිටුව තීරණය කර තිබේ.

"ශ්‍රී ලංකාවේ GSP+ බදු සහනයට අනුමැතිය"

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකීය සම්බුද්ධ ශාසනයට නව පිටුවක් එක් කරමින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද උදෑසන (12) ආරම්භ විය.

"එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඇරඹේ"