වියළි කාලගුණයෙන් ලක්ෂ 13 කට පීඩා

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ලක්ෂ 13 කට අධික පිරිසක් දැඩි පීඩාවකට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසා සිටියි.

මෙම නියං තත්ත්වය දිස්‌ත්‍රික්‌ක 19 කට බලපා ඇති අතර වැඩිම පිරිසක්‌ පීඩාවට පත්ව තිබෙන්නේ උතුරු පළාත තුළ වන අතර එහි පවුල් එක්‌ලක්‍ෂ හතළිස්‌ තුන්දහස්‌ දෙසිය අසූහතරකට අයත් පුද්ගලයන් හාරලක්‍ෂ අනූපන්දහස්‌ නවසිය අනූහතර දෙනකු පීඩාවට පත්ව ඇත.

එසේම මේ දිනවල ඇති වී තිබෙන දැඩි නියං කාළගුණ තත්වය ගඩොල් නිෂ්පාදන කර්මාන්තය මුළුමනින්ම අඩාල වීමට බලපා තිබෙන බව මාතළේ දිස්ත්‍රික්කයේ ගඩොල් කර්මාන්තකරුවන් පවසයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගඩොල් කර්මාන්තයෙන් ජීවිකාව ගෙනයන පවුල් 500ක් පමණ මෙම ගැටළුවට මුහුණපා තිබේ.

තම ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වූ ගඩොල් කර්මාන්තය අඩාල වීම නිසා තමන් ගැටළු රැසකට මුහුණපා ඇති බව එම ජනතාව පවසයි. මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර එම ප්‍රදේශයට ජලය ලබා දීමට කටයුතු කරන මෙන් එම ජනතාව අදාළ නිලධාරින්ගෙන් ඉල්ලා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *